Gossip

“එයාට ගොඩක් තරහා යනවා. එයා මැරුණා කිව්වා.. ශිහාන් නිතරම කේන්ති ගන්නවා. ඒ කේන්තිය නිසා සමහර දේවල් නැති වෙනවා.”

ශිහාන් මිහිරංග හදුන්වන්නේ යෞවනයේ සිහින කුමරා විදිහටයි.
ඔහු දැන් දරුවෝ දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක්.
ගායන හැකියාව නිසා වගේම හැඩරුව නිසාත් ශිහාන් රසික හදවතේ ආදරය දිනාගත්තා.
ශිහාන් ගැන හොඳටම දන්න කෙනෙක් තමයි ගෙෂ්නි ක්ලෙමෙන්ටා කියන්නේ.. ඒ ශිහාන්ගේ බිරිඳ.. මේ ශිහාන් ගැන ඔහුගේ ආදරණීය බිරිඳ සතිඅන්ත පුවත්පතකට කියපු කතාවක්.

පෙම්වතා කාලේ ශිහාන්ගේ හැටි
ඒ කාලේ නම් එයාට ගොඩාක් තරහා යනවා. ඉවසීමත් ටිකක් විතර අඩුයි. හැබැයි කෙළින් කතා කරනවා. එහෙම තමයි මම එයාව දැනගෙන හිටියේ.

ශිහාන්ගේ ජනප්‍රියත්වය ප්‍රේම සම්බන්ධතාවට බලපෑමක් කරපු අවස්ථා නැද්ද?
නෑ. මොකද මම ඒ කාලේ ශිහාන්ට එයාගේ වැඩ කරගන්න සම්පූර්ණ නිදහස දීලා තිබුණා.
ශිහාන් කියනවා ඒක නිසා තමයි මාව විවාහ කරගත්තේ කියලා.

විවාහයෙන් පස්සේ ඒ ගතිගුණවලට මොකද වුණේ?
විවාහ වුණාට පස්සේ කේන්ති ගන්න එක සෑහෙන්න අඩු වුණා. ඉවසන්නත් පුරුදු වුණා. හැබැයි කෙළින් වැඩ කරන එක, කතා කරන එක තාමත් තියෙනවා.

ජනප්‍රිය වුණාට පස්සේ ශිහාන් වෙනස් වුණාද?
චරිතයේ වෙනසක් වුණේ නෑ. ඒ කෙනාම තමයි. හැබැයි ගොඩාක් කාර්යබහුල වුණු නිසා වෙනදා වගේ කතාබහ කරන්න වෙලාව අඩුවුණා.

තාත්තා කෙනෙක් විදියට
තාත්තා කෙනෙක් වුණාට පස්සේ ගොඩාක් වගකීමෙන් වැඩ කරන්න පුරුදු වුණා. දෙයක් ගැන වැඩිපුර හිතනවා. හරිම හොඳ තාත්තා කෙනෙක් එයා.

ගෙදර ඉන්න කොට
ගෙදර ඉන්න වෙලාවට නිතරම තනියෙන් ඉන්න බලනවා. නිතරම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් එයා. ටී.වී. එකේ දකින කෙනාම තමයි එයා ගෙදරදීත්. ලොකු වෙනසක් නෑ.

විවාහ වුණාට පස්සේ ශිහාන්ට ගෑනු ළමයින්ගේ ආකර්ෂණය වැඩි වුණාද? අඩු වුණාද?
ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය අඩු වුණේ නෑ. තිබ්බ ආකර්ෂණය එහෙමම තියෙනවා. පිරිමි ළමයින්ගේ ආකර්ෂණය නම් වැඩි වුණා කියලා හිතනවා.

ගැහැනු ළමයින්ගේ ආකර්ෂණයට ශිහාන් ප්‍රතිචාර දක්වන්නේ කොයි විදියටද?
තරුණියන්ගේ ආකර්ෂණය ලැබෙද්දී ඔළුව පාවිච්චි කරලා වැඩ කරනවා. ඒ වගේම ගොඩක් ඉවසීමෙන්, හිතලා බලලා වැඩ කරනවා.

ශිහාන් දීපු අමතක නොවන තෑග්ග?
එහෙම අමතක නොවන තෑග්ගක් කියලා එකක් නෑ. ඉස්සර නම් නිතරම තෑගි දෙනවා. ඉස්සර තරම්ම නැති වුණත් දැනුත් තෑගි දෙනවා.
බර්ත්ඩේවලට වැලන්ටයින් එකට කියලා විතරක්ම නෑ. මට මුලින්ම දුන්නේ මුද්දක්. ඉස්සර දුන්න තෑගි තාම මං ගාව තියෙනවා. රට ගියාම එහෙම නම් මට තෑගි ගොඩක් ගේනවා.

ශිහාන් ගැන පළවෙච්ච ගොසිප්වලින් ඔහු වැඩිපුරම අපහසුතාවට පත් වෙච්ච ගොසිප් එක
ශිහාන් ගොසිප් කියන ඒවා ගණන් ගන්නෙම නෑ. ඒවා ගැන ඔළුවට ගන්නෙත් නෑ. එයා මැරුණ කියලා ගොසිප් එකක් ගියා. ශිහාන් හොස්පිට්ල් ඉද්දිමයි මං එයාට ඒක කිව්වේ. ඒත් ශිහාන් ඒක ගණන් ගත්තේ නෑ.

ශිහාන් වෙන අයගෙන් බලාපොරොත්තු වෙන ගතිගුණ
ශිහාන් කැමැති කෙළින් කතා කරන අයට. එක තැනක එකක් කියලා තව තැනක තව එකක් කියනවාට එයා කැමැති නෑ.

කේන්ති ගියාම
කේන්ති ගියාම කාත් එක්කවත් කතා කරන්නේ නෑ. නිදහසේ ඉන්න ඕනේ. එයාගේ තරහා නිවෙන්න කාලය ඕනේ. හැබැයි ඉක්මනට කේන්ති නිවෙනවා.

ශිහාන් සතුටකින් ඉද්දී
සතුටක් දැනුණාම මට කතා කරලා කියනවා. එයා සතුටින් ඉද්දී හිතාගන්න පුළුවන්.

දුකක් දැනුණම
දුකක් දැනුණම නම් එයා ඒක පෙන්නන්නේ නෑ. ඒ වෙනුවට තරහ තමයි පිටවෙන්නේ.

ශිහාන් වැඩිපුරම සතුටෙන් හිටිය දවස?
ශිහාන් වැඩිපුරම සතුටු වුණේ පුතාලා දෙන්නා ඉපදුණු වෙලාවේ.

ශිහාන් වැඩියෙන්ම දුක් වුණු දවස?
ශිහාන්ගේ තාත්තා මියගිය දවසේ තමයි එයා වැඩිපුරම දුක් වෙනවා මම දැක්කේ.

ශිහාන්ගේ තියෙන අකැමැති පුරුදු?
ශිහාන් නිතරම කේන්ති ගන්නවා. ඒ කේන්තිය නිසා සමහර දේවල් නැති වෙනවා. ඒ වගේම සමහර වෙලාවට අනවශ්‍ය දේවල්වලට තරහා ගන්නවා.

අපි නොදන්න ශිහාන්ගේ රහස්?
ශිහාන් හරියට වෙලාවට වැඩ කරනවා. කෙනෙක්ට දෙයක් කරන්න කියලා ඒ කෙනා ඊට අදාළ නැති දෙයක් කළොත් එයාට හොඳටම තරහා යනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!