Gossip

“ඒවා දැන් මට පුරුදුයි.. ආරාධනා ලැබෙනවා.. ඒවා මගේ හිතට හරියන්නේ නෑ.. මේ ඉන්න විදිහ මට හොඳයි” – සාරංග හෙළි කළ අමුතු කතාව මෙන්න

සාරංග දිසාසේකර කියන්නේ රටම දන්න ජනප්‍රිය නළුවෙක්.
පසුගිය කාලේ සාරංග ගැන විවිධ කතා පැතිරුණා. ඒ ගැනත් සාරංගගේ අලුත්ම තොරතුරු ගැනත් සතිඅන්ත පුවත්පතක මේ විදිහට ලියවිලා තිබුණා.ර

දැන් සම්මාන උළෙලවල ලොකු තරගයක් ගොඩනැඟිලා තියෙනව ජනප්‍රිය සම්මානයට. ඔබත් ජනප්‍රිය ගොන්නේ කෙනෙක්. ඇත්තටම ජනප්‍රියත්වය සම්මානවලින් මනින්න පුළුවන්ද?
සම්මානවලින් අවංකවම ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ මනාප නම් ජනප්‍රියත්වය ඒකෙන් මනින්න පුළුවන්.
එක සිම් එකකින් එක එස්.එම්.එස්. එකක් එවන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා නම් ඇත්තටම හොඳයි. දීපව්‍යාප්ත සමීක්ෂණයක් හරහා දෙන සම්මානයක් වගේ නම් මේ ප්‍රශ්නය නෑ. නළු නිළියන් සහ නිෂ්පාදකයන් එකතුවෙලා සම්මාන උළෙලවල සංවිධායකවරුන්ට යෝජනා කරනවා නම් එක ෆෝන් එකකින් එක එස්.එම්.එස්. එකක් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන. ඇත්තටම ඒක සාර්ථක වෙයි.

ගායනය පැත්තෙන් අලුත් යමක් දැක්කේ නැත්තේ දැන් ගායනය අතහැරලද?
අලුත් ගීතයක් කරන්න බැරි වුණා. ඕස්ට්‍රේලියාවේ ප්‍රසංගයකට නම් සහභාගි වුණා. තාත්තාගේ ගීත තමයි ඒකෙදි ගායනා කළේ.

ගායන කටයුතු මඟහැරෙන්නේ ඇයි?
කාර්යබහුලත්වයත් එක්ක සංගීතඥයන් මුණගැහෙන්න කාලය හොයාගන්න අමාරුයි.
ගායනයට සමහර ආරාධනා ලැබෙනවා. ඒවා මගේ හිතට හරියන්නේ නෑ.

ආයෙත් ජීවිතේට විශේෂ කෙනෙක් එකතු කරගන්න අදහසක් නැද්ද?
නෑ. එහෙම විශේෂයක් මට අවශ්‍ය නෑ. මේ ඉන්න විදිය හොඳයි.

හැබැයි සමහර නිළියන්ගේ නම් සාරංගත් එක්ක පටබැඳිලා තියෙනවා?
ඒ කටකතා ඉතින් මුල් කාලේ ඉඳලාම තියෙනවා. ඒවා දැන් මට පුරුදුයි. අනෙක් එක ඒවා මේ රැකියාවේම කොටසක්.

වැඩිපුරම රඟපාන්න කැමැති රංගන ශිල්පිනිය කවුද?
චාන්දනී සෙනෙවිරත්න එක්ක තමයි වැඩිපුරම රඟපාන්න කැමැති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!