Gossip

“විටකදි පොලිස් කොමිසමටද හරස් වෙතී..නීතිය නවා පෙන්වා රට අවුස්සති..දළදා පෙරහැරේ නටමින් පොලිස්පති..ටෙනිසන් කුරේ මෙන් මුළු රට හිනස්සති”

පොලිස්පතිවරයා ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා.
ඒ පසුගියදා පැවැත්වුණු ශ්‍රී දළදා මාලිගාවේ අවසන් පෙරහැරේදී පොලිස්පති පූජිත් ජයසුන්දර නර්ථනයේ යෙදෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් නිසා.
මෙම උණුසුම නැතිවෙද්දිම තවත් කතාවක් උතුර පැත්තෙන් අපිට අහන්න ලැබුණා.
ඒ තමයි උතුරු පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ලබාදී ඇති නියෝගයක් ගැන.
අසරණ පවුලකට නිවෙස් ඉදිකර ලබාදීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස පොලිස්පතිවරයා විසින් දැනුම් දීමක් කර තිබෙනවා.
ඒ සඳහා අවශ්‍ය මුදල් ස්ථානාධිපතිවරුන් විසින් සොයාගත යුතු බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එම ප්‍රදේශවල වැලි, බොරලු සහ අනෙකුත් ව්‍යාපාර සිදුකරන ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටීමට ස්ථානාධිපතිවරුන්ට සිදුව ඇති බවත් සඳහන්.
පසුගියදා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් විසින් පැවසුවේ පොලිසිය විසින් නීතිවිරෝධී ව්‍යාපාර සිදුුකරන අය සමග පොලිසිය සම්බන්ධ බවයි.
එලෙස හිතවත්කම් පවත්වන්නට සිදුව තිබෙන්නේ පොලිස්පතිවරයාගේ නියෝග ඉටුකිරීමට අවශ්‍ය නිසා බවත් පොලිස් ස්ථානාධිපතිවරුන් මෙම කටයුත්ත නිසා දැඩි අසරණ තත්ත්වයකට හා අපහසුතාවට පත්ව ඇති බවත් සඳහන්.
තවද මෙම සිද්ධියට විරෝධය පලකිරීමට උතුරේ සියලු පොලිස් ස්ථානධිපතිවරුන් ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම් බවද වාර්තා වනවා.
අසරණ මිනිසුන්ට නිවෙස් ඉදිකිරීම හොඳ කටයුත්තක් වුවත් ඒ සඳහා මුදල් සොයා ගැනීමට සිදුවීම නිසා තම රාජකාරියද හරිහැටි සිදුකිරීමට නොහැකි වීම අනුමත කළ හැකිද..?
මේ අතර සතිඅන්ත පුවත්පතක වාර්තාවී තිබූ අපූරු කවියක්ද මේ වෙද්දි අන්තර්ජාලය පුරාම පැතිරෙමින් තිබෙනවා.
එම කවිය සහ පොලිස්පතිවරයාගේ උපදෙස් මත නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට උතුරු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් ස්ථානාධිපතිවරුන්ට යැවූ ලිපිය පහතින්..

විටකදි පොලිස් කොමිසමටද හරස් වෙතී
නීතිය නවා පෙන්වා රට අවුස්සති
දළදා පෙරහැරේ නටමින් පොලිස්පති
ටෙනිසන් කුරේ මෙන් මුළු රට හිනස්සති

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!