Gossip News

එකම පවුලේ පස් දෙනෙකුට කොරෝනා

ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් හයදෙනෙකුට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස කොවිඩ් ආසාදනය වූ පවු‌ලේ මව්පිය දෙපළ වෛද්‍යවරුන් වේ.

එම වෛද්‍යවරයා කරන්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේවය කරන අතර, බිරිද බලපිටිය රෝහලේ අධිකරණ අංශයේ වෛද්‍යවරියක ලෙස සේවය කරයි.

කොවිඩ් ආසාදනය වූ අනෙක් තිදෙනා ඔවුන්ගේ දරුවන් වන අතර, එම දරුවන් අම්බලන්ගොඩ නගරයේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය හදාරන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

මෙම දරුවන් පසුගිය දිනවල පාසල් ගොස් ඇති අතර, එම විද්‍යාලයේ සිසු සිසුවියන් සහ ගුරු මණ්ඩලයේ කිහිපදෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!