Gossip

එංගලන්ත රාජකීය පවුලේ මීළඟ විවාහ උත්සවයට ශ්‍රී ලාංකික කාන්තාවක් මැදිවෙයි

හැරී කුමරු සහ මේගන් මාර්කල්ගේ විවාහ උත්සවය ලබන මැයි මස 19 වනදා පවත්වන්න සියලුම කටයුතු මේ වෙද්දි සූදානම් කරමින් තිබෙනවා.

ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදී තමයි මේ විවාහ උත්සවය පැවැත්වෙන්නේ.

ඉති එංගලන්ත රාජකීය පවුලේ මීළඟ විවාහ උත්සවය ගැන තමයි හැමෝම බලන් ඉන්නේ.

මෙම විවාහයට මේ වන විට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනවල දැඩි අවධානයක් යොමුවී තිබෙන අතර රාජකීය යුවලගේ මංගල ඇදුම් සැකසීම කරන්නේ කවුරුන්ද, විවාහ සඳහා තෝරා ගන්නා මල් වර්ගය ගැන පවා මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලට උණුසුම් පුවත් මවමින් තිබෙන මොහොතක එම රාජකීය විවාහය ආවරණය කිරීම සඳහා අවසර ලැබී තිබෙන මාධ්‍යවේදීන් අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් ද සිටින බවට වාර්තා වනවා.

ඇය ඈන් මේරි මැදිවකයි.

කැනඩා ගුවන් විදුලි සංස්ථාවේ සහ කැනේඩියානු රූපවාහිනී නාලිකාවෙහි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් සිදුකරන ඇය කැනඩාවේ සම්මානනීය ප්‍රවෘත්ති නිවේදිකාවක් වනවා.

ඈන් මේරි මැදිවක 2011 වසරේ ටොරන්ටෝ කාන්තාව නම් ගෞරව සම්මානයන් පවා පිදුම් ලබා තිබෙනවා.

1975 වසරේදී මහනුවර, දුම්බර ප්‍රදේශයේදී උපත ලබා ඇති ඈන් මේරි මැදිවක ඉන් පසුව සිය දෙමව්පියන් සමග කැනඩාවේ ස්ථිර පදිංචියට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තමාට අවුරුදු 18 ක් සපිරෙනවාත් සමග කැනඩාවේ තරුණයින් සම්බන්ධයෙන් වන වාර්තා වැඩසටහන් නිෂ්පාදනය කිරීමට පටන් ගන්නා ඇය ක්‍රමක් ක්‍රමයෙන් තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගන්නවා.

හැරී කුමරු සහ මේගන් මාර්කල් ගේ විවාහොත්සවය ආවරණය කිරීමේ භාරදුර වගකීමක් කැනේඩියානු රුපවාහිනි නාලිකාව සහ එරට ගුවන් විදුලි සංස්ථාව ඈන් මේරි මැදිවක හට පැවරීමට ප්‍රධාන හේතුව ඇය මේවන විට එරට සිටින ප්‍රධාන පෙලේ ප්‍රවෘත්ති ප්‍රකාශිකාවක් මෙන්ම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස ගොඩනගා ගෙන තිබෙන ස්ථාවරය බවයි පැවසෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!