Gossip

“උඹේ ගෙදරට රෑට රෑට කොලු ගැටව් රිංගන බව ගමේ අය ඔක්‌කොම දන්නවා – අනියම් පෙම සුව නිසා එළොව ගිය නිර්මලා

නිර්මලා මැදිවියේ පසුවූ කාන්තාවකි. ඕ තම සැමියාගෙන් වෙන්වී තනිවම පදිංචිව සිටියාය.

ඇගේ ජීවිකාව වශයෙන් වෙළෙඳ සලක්‌ පවත්වාගෙන ගියාය. වියහියදම් සපුරා ගනු ලැබුවේ වෙළඳ සලෙන් ලැබෙන ආදායමෙනි.
ඇය මැදිවියේ පසු වූ කාන්තාවක්‌ වූවද ඇය විසේකාර තැනැත්තියක්‌ වූවාය.

පිරිමින් තම වසඟයට ගැනීමට ඇය තුළ පැවතියේ පුදුම හැකියාවකි. ඒ විතරක්‌ නොව කටකාර යුවතියක්‌ වූවාය. මේ නිසා ඇතැම් පිරිමි ඇයට වහ වැටි සිටියහ.
ඇය පිරිමි කිහිපදෙනෙකු සමඟ අනියම් සම්බන්ධතාවයන්ද පවත්වාගෙන ගියාය.

ඔවුන් රාත්‍රී කාලයේ දී නිර්මලාගේ නිවසට පැමිණියහ. මේ ගැන ගම්මුන්ද දැන සිටියහ. ඇගේ මේ නොමනා හැසිරීම පිළිබඳ ගම්මුන් ඇයට නොයෙකුත් ඇනුම්පද කීවද ඇය ඒ කිසිවක්‌ තුට්‌ටුවකට ගණන්ගත්තේ නැත.
රෑට රෑට උඹේ ගෙදරට කොළු ගැටව් රිංගන බව ගමේ අය ඔක්‌කොම දන්නවා.

උඹ දැන් තලස්‌තානි වියේ පසුවන ගැහැණියෙක්‌ නේ. උඹේ මිනිහත් උඹව අත්හැරලා ගියේ ඔය නොමනා වැඩ නිසා. දැන්වත් ඔය පාදඩකම් කරන එක නවත්තපන්. නිර්මලාගේ ඥාතියකු වන ගිරිගෝරිස්‌ අයියා නිර්මලාට කිහිපවිටක්‌ම එසේ කියමින් අවවාද කළේය.
“අනේ ගිරිගෝරිස්‌ උඹට මොකද මම කොහොම හිටියහම උඹේ වැඩක්‌ උඹ බලාගනින්” නිර්මලා ගිරිගෝරිස්‌ අයියාට බැණ වැදුනාය. උඹ ඉතින් කවදා හරි කාගෙන් හරි මට්‌ටුවෙනවා කිරිගෝරිස්‌ අයියා මුමුණන්නට වුයේය.
එක්‌ දිනක්‌ උදෑසන නිර්මලාගේ වෙළඳ සැලට ගිරිගෝරිස්‌ අයියා පාන් ගෙඩියක්‌ ගෙන යාමට පැමිණියේය. ඒ වනවිටත් වෙළඳ සල වසා දමා තිබුණි. ගිරිගෝරිස්‌ මහ හයියෙන් නිර්මලාට කථා කළේය.

කිසිදු ශබ්දයක්‌ නැහැ. මේකිට මොනවා වේලාද එසේ කියමින් ගිරිගෝරිස්‌ අයියා නිර්මලාගේ වෙළඳ සල වටා කැරැකෙන්නට වූයේය. ඔහු පිටපස දොර ඇර එබී බැලුවේය. නිර්මලා ඇඳමත වැතිරි සිටියාය. අල්මාරියේ තිබූ රෙදි තැනිත් තැන විසිරි තිබුණි.
ගිරිගෝරිස්‌ අයියා නිර්මලාගේ ඇඟට අත තබා ඇයට කථා කළාය. ඒ වනවිටත් නිර්මලාගේ සිරුර සීතල වී තිබුණි. නිර්මලා ගේ මියයෑම ගම්මුන් අතර පැතිරී යන්නට වැඩි වෙලාවක් ගතවූයේ නැත. ගම්මුන් ද නිර්මලාගේ නිවස අසලට එක්‌ රැස්‌වන්නට වුහ.
මේ ගැන පොලිසියට දැන්වීමට ද කටයුතු කෙරිණි.

නිර්මලා අභිරහස්‌ ලෙස මියගිහින් ගම්මුන් කථා බස්‌ කරන්නට වූහ. නිර්මලාව කිසිවෙකු විසින් මරා දැමුවාද නැතිනම් ඇයට තිබූ රෝගී‌ තත්වයක් නිසා ඇය මියගියාද යන්න කාටත් ප්‍රශ්නයක්‌ විය. නිර්මලාගේ සිරුරෙන් කිසිදු තුවාලයක සලකුණක්‌ දක්‌නට නොවීය. පොලිසිය විසින් පළාතේ මහෙස්‌ත්‍රාත්වරයාගෙන් ලබාගත් නියෝගයකට අනුව නිර්මලාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සඳහා මෘත ශරීරාගාරය වෙත රැගෙන එනු ලැබිය.
පශ්චාත් මරණ පරීක්‌ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරි විසින්ණි පවත්වනු ලැබිය. ඇය නිර්මලාගේ සිරුර අභ්‍යන්තරව පරීක්‌ෂා කළාය. නිර්මලාගේ ගෙලෙහි යම් සලකුණක්‌ තිබෙන අයුරු අධිකරණ වෛද්‍ය නිලධාරිනියගේ නිරීක්‌ෂණයට ලක්‌වූවාය.

සෙන්ටි මීටර් 2.5 ක පමණ පළලකින් යුත් නූලක්‌ වැනි දෙයකින් නිර්මලාගේ ගෙල වටා සලකුණු වී තිබුණි.

අධිකරණ වෛද්‍යවරිය විසින් මෙම සලකුණු ඉතා සියුම් ලෙස පරීක්‌ෂා කරනු ලැබුවාය.
ඇය මරාදමා ඇත්තේ ගෙල සිරකොට හුස්‌ම හිර කිරීමෙන් බව කිසිදු සැකයකින් තොරව අධිකරණ වෛද්‍යවරිය නිගමනය කළාය. ඊළඟ ප්‍රශ්නය වුයේ ගෙල සිරකිරීම සඳහා යොදාගත්තේ කුමක්‌ද යන්නයි. අධිකරණ වෛද්‍යවරිය සිද්ධිය වූ ස්‌ථානයට ගොස්‌ පරීක්‌ෂණයක්‌ද සිදුකළාය. ඇය
නිදාසිටි ඇඳ අසල කුඩා ප්‍රමාණයේ රේඩියෝවක්‌ තිබුණි. රේඩියෝවේ වයර් ඒ මේ අත විසිරී තිබුණි. රේඩියෝවද බිම වැටී තිබුණි.
ගෙල වටා ඇති සලකුණත් මෙකී වයරයත් අධිකරණ වෛද්‍යවරියගේ දැඩි පරීක්‌ෂාවට ලක්‌විය. එහි හැඩය පළල අනුව ගෙල සිරකිරීම සඳහා යොදාගෙන තිබුණේ රේඩියෝවේ වයරය බව තහවුරු කරගත්තාය.

ඉන්පසු අධිකරණ වෛද්‍ය නිලධාරිනිය විසින් මෙකි කාන්තාවගේ යෝනි මාර්ගයද පරීක්‌ෂා කළාය.

එහි ශුක්‍රානු දක්‌නට තිබූ අතර ඇය මිය යාමට පෙර සංසර්ගයේ යෙදී ඇති බව ඉන් තහවුරු කරගත්තාය.
ඉන්පසු පොලිසිය විසින් ඝාතකයින් සොයා පරීක්‌ෂණ කටයුතු ආරම්භ කරනු ලැබිය.

එදා රාත්‍රී නිර්මලාගේ නිවස තුළට නාඹර යොවුන් වියේ පසුවූ කොළු ගැටව් දෙදෙනෙකු ඇතුල්වූහ. ඔවුන් පැමිණියේ ද නිර්මලාගේ ඉල්ලීමකට අනුවය. මේ කොළු ගැටව් දෙදෙනා නිවසට ඇතුල්වන අයුරු ගම්මුන්ද දැක තිබුණි. එහෙත් ඔවුන් ඒ ගැන වැඩි තැකීමක්‌ සිදුකොට නැත.

මක්‌නිසාද යත් නිර්මලාගේ නිවසට රාත්‍රී කාලයට ගැටවරයන් රිංගන බැවිනි.
නිවසට ඇතුල්වූ ගැටවරයින් දෙදෙනා නිර්මලා සමඟ වරින් වර සංසර්ගයේ යෙදුණි. ඉන් පසු නිර්මලාගෙන් මේ ගැටව් දෙදෙනා මුදල් ඉල්ලා සිටියහ. නිර්මලා අක්‌කේ අපට රුපියල් දහක්‌ ඕන. එක්‌ ගැටවරයකු කිවේය. කොහේ තියෙන සල්ලිද නිර්මලා නොරිස්‌සුම් ලෙස කීවාය.
ඉන්පසු මෙම ගැටවරයන් දෙදෙනා. නිර්මලාගේ අල්මාරිය අවුස්‌සමින් නිර්මලාට තර්ජනය කරන්නට වූහ. මොනවාද උඹලා කරන්නේ අල්මාරියට අත තියන්නේ නැහැ.

නිර්මලා කිවාය. මේ සම්බන්ධයෙන් නිර්මලා හා ගැටවරයන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්‌ වීම දුරදිග යන්නට වැඩිකාලයක්‌ ගතවුයේ නැත.

ඉක්‌බිති මේ ගැටව් දෙදෙනා නිර්මලාගේ ඇඳ අසල තිබූ රේඩියෝවේ වයරය ගලවා ගත්හ. මොනවාද මේ කරන්න හදන්නේ නිර්මලා කෑගැසුවාය.

එක්‌ ගැටවරයකු නිර්මලාගේ දෑත් අල්ලා ගත්තේය.

අනික්‌ ගැටවරයා නිර්මලාගේ ගෙලට රේඩියෝ වයරය දමා තද කළේය. මොවුන් නිර්මලා ගෙල සිරකොට මරා දමා අල්මාරියේ තිබූ මුදල් ද රැගෙන පලාගියහ.
කිසිදු අපරාධකරුවකුට අපරාධයක්‌කොට සැඟවිය සිටිය නොහැකිය.

අපරාධයක්‌ කාලයේ වැලිතලාවෙන් වැසී යන්නේ ද නැත. ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා පොලිසිය විසින් කොටුකරගනු ලැබීය. ඉන්පසු සියල්ල මොවුන් දෙදෙනා අකුරක්‌ නෑර පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කළහ.
සමාජයේ අසම්මත හැසිරීම් රටා තියෙන කාන්තාවන් කෙතරම් අනාරක්‌ෂිතද? වැරදි හැසිරීම් නිසා තමයි මේ තත්වයට පත්වන්නේ අසම්මත ලෙස සම්බන්ධකම් පවත්වන අයට තර්ජන, පහරදීම් වලට හා මරාදැමීමේ යන අවස්‌ථාවන්ට ගොදුරුවීමේ හැකියාවන් වැඩියි. ඒ අය අනාරක්‌ෂිතයි. මෙය අසම්මත සම්බන්ධකම් පවත්වන අයට හොඳ පාඩමක්‌.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!