Gossip

ඔස්ට්‍රේලියානු නිළියක් දවසින් ඩො.මි.13ක් සොයා දෙයි

ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි ගිනි නිවීමේ සේවා සඳහා අරමුදල් සම්පාදකයෙකු පැය 48 ක් තුළ ඇ.ඩො.මිලියන 13කට (ඔස්ට්‍රේලියානු ඩො.මි.20ක්) වැඩි මුදලක් රැස්කර ගෙන තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියානු හාස්‍යෝත්පාදක නිළියක් වන සෙලෙස්ටෙ බාබර් සිය ෆේස්බුක් පිටුවේ සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස මෙම මුදල එක්රැස් වී ඇත.
එහි ඇය සටහන් කර තිබුණේ, “කරුණාකර ඔබට හැකි ඕනෑම ආකාරයකින් උදව් කරන්න. මෙය භයානක යි.” යනුවෙනි.

සැප්තැම්බර් මාසයේ ගින්න ආරම්භ වූ දා සිට අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් තිබෙනවා.
අගමැති ස්කොට් මොරිසන් හමුදා භටයන් 3,000ක් ගිනි නිවීමේමෙහෙයුම් සඳහා කැඳවා තිබේ.

කැන්බරා හි වාතයේ ගුණාත්මකභාවය ලෝකයේ නරකම ලෙස ශ්‍රේණිගත කර ඇති අතර නිවැසියන්ට තම නිවෙස්වලින් පිටතට පැමිණීමෙන් වළකින ලෙස දන්වා ඇත.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!