Gossip

“උඹලා ඔය මැරුවේ ඇතෙක් නෙවෙයි, අපේම අම්මගෙ පුතෙක්. ඉතින් ඒ සාපය පරම්පරා ගාණකට විඳවපල්ලා”

දළ පූට්ටුවාගේ සිරුර පොල්පිතිගම – කහගල්ල පල්ලේකැලේ අභයභූමියේ හොරොව්වැව ඉස්මත්තේ තිබියදී ඊයේ සොයාගත්තා.
ඒ විශේෂ කාර්ය බලකාය විසින්.
මෙම දළ පූට්ටුවා කිසියම් පිරිසක් විසින් දළ ලබා ගැනීමේ අරමුණින් මරාදමා ඇති බවටයි සාක්ෂි ලැබී ඇත්තේ.
පසුගිය 23 වැනිදා දළ යුගලය අලෙවි කිරීමට සූදානම්වීමත් සමඟයි මෙම දළ පූට්ටුවා මරා දමා ඇති බවට සැකපලවුණේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම ගැන හැමතැනම වගේ ලොකු කතාබහක් ඇතිකළා.
සමහරු කිව්වේ මේ නිසා සොබාදහම වියරුවැටී ඇති බවයි.
මේ කොහොම වුණත් මෙම සිදුවීම ගැන මුහුණුපොතේ ලියවුණු අපූරු සටහනක් අපිට ලැබුණා.
එම සටහන පහතින්…

අනේ කෝම පුතුන් අතින් මැරෙනවාද ඇතුන්
*********************************************
සමන් දෙවි අඩවියේ හිටි අන්තිම දළ ඇතා මරපු දවසේ රත්නපුරය යට කරගෙන මහා ගංවතුරක් ගැලූ බව මගෙ මතකයේ තියෙනවා. කොහොමත් ගංවතුර ගලන රත්නපුරයට එදා ගැලූ ගංවතුර, ඒ දළ ඇතාගෙ මරණය වෙනුවෙන් සොබාදහම හෙළූ කඳුලු කියලයි මට හැගුනෙ.
ඉතින් දළ පූට්ටුවාත් මරලා..
මේ මහා සුළි කුණාටු සොබාදහමෙ සුසුම කියල හිතෙන්නෙ මට විතරද?
සද්දන්ත ඇඟක් ඇතුලෙ තියන අහිංසක පුංචි ඇස් දෙක දිහා කෙලින් ලංවෙලා බැලූ මිනිසෙක්ට නම් කිසිදාක අලියෙක් ඇතෙක් මරන්න බැරිවෙයි කියලයි මට හැගෙන්නෙ. ඒ තරම් ඒ ඇස් නිර්මලයි. ලස්සනයි. අව්‍යාජයි.
මිනිසුන්ගේ නොමිනිස්කම් නිසාම අන්ධ බවට පත් වී සිටි මේ දළ පූට්ටුවා කියන සද්දන්ත ඇතා , ඉවෙන් පාර සොයාගෙන ගල්ගමුවේ ඉදන් කලා වැවට යන බවත්.. අතරමං නොවී යළි පාර සොයාගෙන ගල්ගමුවට එන බවත් අසා කියවා තිබෙනවා.
ඉතින් අන්තිමේ අන්ධ ඇතා මරලා දළ ගන්න තරම් ගන්ධ වුන මිනිස්සුන්ට අපි නිදහසේ ඉන්න දෙමුද?
මේ සා සුවිශාල හස්ති රාජයෙක් දරන්න,තනන්න සොබාදහම් අම්ම ඇගේ ඇකයෙ දුන් උණුහුම, විඳගත් වෙහෙස තේරුම් ගන්න උඹලාගේ මොළ ගෙඩි ලාමක වැඩියි.
නොමිනිසුනේ.. සොබදහම තුලනය කරන වන සතුන් සහ ගහ කොළ කියන්නෙ අපේම සහෝදරවරු..සහෝදරියො.
උඹලා ඔය මැරුවෙ ඇතෙක් නෙවෙයි. අපේම අම්මගෙ පුතෙක්.ඉතින් ඒ සාපය පරම්පරා ගානකට විඳවපල්ලා..
ළයේ දරාගෙන සෙනෙහෙන් ඇතුන් සේම පුතුන්
බදා වෙනස් නොකර සෙනේ බෙදූ සොබා මවුන්
දුකින් හඬා වැළපෙන හැටි දෑස් විඳා බලන්
අනේ කෝම පුතුන් අතින්
මැරෙනවාද ඇතුන්???

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!