Gossip

ඉදිරි පැය කිහිපයේ සුළි කුණාටුවක්? සියලු විස්තර මෙන්න

දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුද ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේවන විට කොළඹ සිට කිලෝමීටර 300ක් පමණ බස්නාහිර දෙසින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එය ඉදිරි පැය කිහිපයේදී සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවටයි පැවසෙන්නේ.

මේ නිසා දිවයිනේ විශේෂයෙන් නිරිත දිග ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බවටත් ඔවුන් කියා සිටිනවා.

දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබ්බෙන් වන ගැඹරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටෙක පැයට කිලෝමීටර 90ත් 100ත් දක්වා වැඩිවිය හැකි බවටත් වාර්තා වනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!