Gossip

ඊයේ වගේ අදත් පිහි ඇතුලට අරන් සෙල්ලම් බෑ – ඉහ ඉඟ අතගාලා තමයි අද මන්ත්‍රීවරුන්ව පාර්ලිමේන්තුව ඇතුලට ගන්නේ

අද දිනයේ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන සියළු මන්ත්‍රීවරුන් පූර්ණ ශරීර පරීක්ෂාවකට ලක් කෙරෙන බව අප වාර්තාකරු සඳහන් කළා.

ඊයේ ඇතිවූ තත්වයත් සමග ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා මෙය සිදු කරන බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ඊයේ දිනයේ පිහියක් රැගෙන පාර්ලිමේන්තුවට පැමිණ සිටි අතර ඒ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පසුව ප්‍රකාශ කෙරුණා.

ඊයේ ඇතිවූ මේ සිද්ධියත් සමග අද පැමිණෙන සියලු මන්ත්‍රීවරුන් මෙලෙස පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!