Gossip

“ඉවත් වෙන්න කියලා කිව්වා..හැමෝම එකතු වෙලා කරලා මට විතරක් චෝදනා කරනවා” හිටපු ක්‍රිකට් නායක මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියටත් සමුදෙයිද..?

ශ්‍රී ලංකා තේරීම් කමිටු සභාපති සහ ප්‍රධාන පුහුණුකරු තමාට එක්දින සහ පන්දුවාර 20 නායකත්වයෙන් ඉවත්වන ලෙස පසුගිය සිකුරාදා (21) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව දැනුම් දුන් බව ක්‍රිකට් ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට මේ සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඇන්ජලෝ මැතිව්ස් විසින් ලිපියක් යොමුකර තිබෙනවා.

ක්‍රිකට් ක්‍රිඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම්වල නායකත්වයෙන් ඊයේ (23) ඉවත් වුණා.

ආසියානු කුසලානයේදී ලැබූ පරාජයේ සම්පූර්ණ වගකීම තමන් වෙත පැවරීමට කටයුතුකර ඇති බව ඔහු එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

එම පරාජයේ කොටස්කරුවෙකු වුවත් එහි සම්පූර්ණ වගකීම තමන් දැරිය යුතු නොවන බව මැතිව්ස් එම ලිපියේ පෙන්වා දී තිබෙනවා.

කණ්ඩායම සම්බන්ධයෙන් ගත් සියලු තීරණ තේරීම් කමිටු සාමාජීකයින්ගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ අනු දැනුම ඇතිව ගත් බව මැතිව්ස් වැඩි දුරටත් එම ලිපියේ දක්වා තිබෙන්නේ.

වසර 5ක් පමණ කාලයක් නායකත්වය දැරීමෙන් පසු 2017 වසරේදී තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වූ බවත් තමන් ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් සමයේ ජයග්‍රහණ රැසක් කරා කණ්ඩායම මෙහෙය වු බවත් ඔහු පෙන්වා දෙනවා.

කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වී සිටි අවස්ථාවක පුහුණුකරු සහ තේරිම් කමිටුවේ ඉල්ලීම මත යළි එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම්වල නායකත්වය භාරගත් බවද ඔහු එම ලිපියෙ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් තවදුරටත් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තම සේවය ඕනෑම අවස්ථාවක ලබාදීමට සැදී පැහැදී සිටින බව මැතිව්ස් එම ලිපියේ සටහන් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නොසුදුස්සෙකු වන්නේ නම් තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීමට කිසිවිටක පසුබට නොවන බවටද ඔහු එම ලිපියෙන් දන්වා ඇත.

තමන් හෘද සාක්ෂියට එකඟව කණ්ඩායමට සිය දායකත්වය ලබාදුන් බවද එහි සඳහන් වනවා.

එමෙන්ම කණ්ඩායමේ ස්ථානය රැකගැනීමට තමන්ට හැකි බවත් ඔහු එම ලිපියෙන් දන්වා ඇත.

ලිපිය අවසන් කරමින් ඇන්ජලෝ මැතිව්ස් එහි සටහන් කර ඇත්තේ පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟ පැවති එක්දින තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා තමන් වු බවත්ය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!