Gossip

“එකට ඉන්න පවුල් අනන්තවත් අසාර්ථක වුණු අවස්ථා තියෙනවා..සැමියාට බබාව ඕනෑම කියලා කිව්වා” – ලෝචනා ඉමාෂි

ලෝචනා ඉමාෂි කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය පසුගිය දවස්වල ලංකාවේ හිටියේ නැහැ. හැබැයි ඇය දැන් හොර රහසේම නැවතත් ලංකාවට ඇවිත්.
ඒ ගැන ලෝචනා සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ලෝචනා කවදාද ලංකාවට ආවේ ?
මම ලංකාවට ඇවිත් දවස් හතරකට විතර කලින්.

ඇයි මේ හදිසියේම විදෙස්ගත වුණේ ?
මම ලංකාවේ වැඩ වගයක් කරමින් තමයි හිටියේ. සැමියාට බබාව බලන්න ඕනෑමයි කියලා කිව්වා.
ඒක හින්දා මම අම්මත් එක්ක බබාව නදෙර්ලන්තයට යැව්වා. ඉතිං මගේ වැඩටික ඉවරවුණ ගමන් කාටවත් නොකියා හදිසියේම නදෙර්ලන්තයට ගියා. මොකද බබා ඉන්නේ නෙදර්ලන්තයේ. ඉතිං මම කාටවත් නොකියා නෙදර්ලන්තයට ගියා.

මේ පාර ලංකාවට ආපු වෙලේ බබාවත් එක්කගෙනද ආවේ ?
ඔව්. පුතාව එක්කගෙන ආවේ. මොකද පුතා ගොඩ කාලයක් ලංකාවේ හිටියේ නැහැ.
එයාගේ පවුගේ අයටත් එයා නැතිව පාළුයි. අනික ඉස්සරහට වින්ටර්එක එන්නේ. පොඞ්ඩක් ඉන්න අමාරුයි. ඒක හින්දා මම බබාවත් එක්කගෙන ආවේ.

සැමියා මෙදා සැරේ ලංකාවට ආවේ නැතිද?
එයාට එන්න ලොකු ආසාවක් තිබුණා. එයා ලංකාවට එන්න හරි ආසයි. ඒත් එයාට මේ වෙද්දි වැඩ ටිකක් වැඩිවෙලා තියෙනවා.
අනික එයාගේ යාළුවෝ ටිකක් ලංකාවෙන් එහෙට එන්න ලෑස්ති කරලා තිබුණා. සමහරක් විට ඒ යාළුවෝ ටිකත් එක්ක ලංකාවට එන්නත් ඉඩතියෙනවා.

කොහොමද පුතා එක්ක ගෙවන ජීවිතය ?
අම්මෝ. හැමෝම කියනවානේ කොල්ලෝ හරි දගයි කියලා.
අපේ පුතා හුගාක් දගයි. හරියට මම වගේමයි. එයාව තනියම බලාගන්න හරිම අමාරුයි. පොඞ්ඩක් එහෙට මෙහෙට වුණාට පස්සේ මොනවා කරයිද දන්නේ නැහැ. සද්ද බද්දයක් නැහැ කියලා මොනවා හරි ලොකු දෙයක් කරලා තමයි.

ඒ කියන්නේ පුතා හරි වසයි ?
හරිම දගයි. හරිම වයසි.

ලෝචනා අලූත් ව්‍යාපාර කටයුත්තකට අතගැසුවා නේද?
ඔව්. මම සැලෝන් ලොෂ් කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒක තියෙන්නේ ඊර්වරි පාරේ. මට ඒ කාලේ ඉදන් ආසාවක් තිබුණා සැලෝන් එකක් දාන්න.
මගේම කියලා ව්‍යාපාරයක් පටන්
ගන්න ඕනෑ කියන අදහස ඒ කාලේ ඉදන්ම තිබුණ දෙයක්. ඉතිං කොහොම හරි ලංකාවෙන් යන්න කලින් මට ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් වුණා. දැන් ඉතිං මම මූලිකත්වය ලබාදෙන්නේ මගේ සැලෝන් එකට.

ලෝචනා වැඩි ඉඩක් දෙන්නේ සැලෝන් එකට ?
ඔව්. වැඩි ඉඩක් දෙන්නේ සැලෝන් එකේ වැඩකටයුතුවලට. මොකද ඒක මගේ ව්‍යාපාරයක් හින්දා. අනික මහන්සිවෙලා ඒක දියුණුකරගත්තොත් ඒකේ ආදායම ලැබෙන්නේ අපිටනේ. ඉතිං ඒක හින්දා මම වැඩි හරියක් සැලෝන් එකට තැන දෙන්න හිතුවා.

රගපෑමෙන් ඈත්වෙනවාද?
එහෙම නැහැ. මොකද මම මේ සැරේ ආවාහමත් ආපු දවසේ ඉදන්ම වැඩ. අපි කලාව පැත්තෙන් ඉදිරියට ගිය කට්ටිය.
ඒක හින්දා අපිට ලංකාව දාලා යන්න අමාරුයි. කොහොමත් කලාවෙනුත් ඈත්වෙලා ඉන්න හරි අමාරුයි. ඒකයි ලංකාවට ආවේ. කලාවත් කරනවා. හැබැයි ජීවිතයේ තමන්ගේම කියලා දෙයක් තියෙන්න එපායැ.

ඇයි මේ සැලෝන් එකක් පටන්ගන්න හිතුවේ ?
මට පුංචි කාලේ ඉදන්ම ආසාවක් තිබුණා මටම කියලා ව්‍යාපාරයක් පටන්ගන්න ඕනෑ කියලා. අනික මට ඒවගේ දෙයක් කරන්න පුළුවන් කියලත් හිතුවා.
අනික තමන්ගේම කියලා දෙයක් කරනකොට නිදහසක් තියෙනවා. කාගේවත් යටතේ නෙමෙයිනේ වැඩකරන්නේ. ආර්ථික මට්ටමින් ශක්තිමත්.කසාද බැන්දත් සැමියාගේ දේම බලාගෙන ඉන්න හොද නැහැනේ. ඒ හින්දා මම හිතුවා මේ වගේ දෙයක් කරන්න.

සැලෝන් එකේ වැඩකටයුතු එහෙම කොහොමද?
හොඳයි. වරදක් නැහැ. මම ලංකාවේ නැති අතරතුරේ යම්කිසි මට්ටමකට ඇවිත් තියෙනවා.
ඒක හින්දා මම ඇවිත් මගේ පැත්තෙන් කරන්න ඕනෑ දේවල් කරගෙන යනවා.

සැලෝන් එක පටන්ගත්තු හින්දා රංගනයට ලැබෙන ආරාධනා අඩුද?
එහෙම දෙයක් නැහැ. මම ලංකාවේ හැටියේ නැතත් ආරාධනා ලැබෙනවා. ලංකාවට ඇවිත් දුරකථනය අතට ගත්තා විතරයි මට වැඩවලට කතා කරනවා.. සැලෝන් එකක් දැම්මා කියලා කලා කටයුතු අඩුවෙනවා කියලා දෙයක් නැහැ. වාසනාව, දක්‍ෂතාවය තියෙනවා නම් වැඩවලින් අඩුවක් නැහැ.

රගපෑමට මොනවගේ ආරාධනාද ලැබුණේ ?
මේ වෙද්දි වේදිකා නාට්‍යයකට ආරාධනා ලැබිලා තියෙන්නේ. ඒත් එක්ක ටෙලිනාට්‍ය කිහිපයකටත් කතා කරලා තියෙනවා.
වේදිකා නාට්‍යයක දායකවෙන්න අදහසක් තියෙනවා. මොකද ටෙලිනාට්‍ය කරනවා වගේ නෙමෙයි වේදිකා නාට්‍ය කරනකොට. කාලයක් වැයකරන්න එපායැ. බබා හම්බවුණාට පස්සේ වේදිකාව මම අතහැරලා දාලා තිබුණ පැත්තක්. මම බැලූවේ ආපහු මේ සැරේ ඒ පැත්තට වැඩි ඉඩක් ලබාදන්නේ.

මෙදා සැරේ ලෝචනාගෙන් රංගනයට වැඩිඉඩක් ලැබෙන්නේ වේදිකාවට?
ඔව්. ඒ පැත්තත් ආපහු කරන්න කියලා තමයි හිතුවේ. දැන් ඉතිං බබාත් ලොකුයි.

නිවේදන කටයුතුවලට මොකද වෙන්නේ ?
මගේ නිවේදන කටයුතු අවසන් කරලයි නදෙර්ලන්තයට ගියේ. දැන් ආයේ නිවේදන කටයුතු පටන්ගන්න එපායැ.
දැන් ආපහු ඇවිත් සතියක්වත් නැහැනේ. තව සති දෙකකින් විතර ආයේ වැඩසටහනක් කරන්න හිතාගෙන ඉන්නේ.

සැමියා නදෙර්ලන්තයේ, ඔබ ලංකාවේ. සාර්ථක විවාහ ජීවිතයට ඒක බාධාවක් නේද?
එහෙමත් නැහැ. සාර්තක අසාර්ථකත්වය ඒකෙන් තීරණය වෙන්නේ නැහැනේ. එකට ඉන්න පවුල් අනන්තවත් අසාර්ථක වුණ අවස්ථා තියෙනවා.
දෙපැත්තේ ඉන්න පවුල් ඕනෑතරම් සාර්ථක වුණ අවස්ථා තියෙනවා. ඉන්න තැන් අනුව සාර්ථක අසාර්ථක බව තීරණය වෙන්නේ නැහැ.දෙන්නා ගේ අවබෝධය මත සියල්ල තීරණය වෙනවා..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!