Gossip

ඉඳුනිල් අන්ද්‍රමාන මාස 6කට පුනුරුත්ථාපන කඳවුරකට? සංගීත කණ්ඩායමෙනුත් ඉවත් කළාද? ඇත්තම විස්තරය මෙන්න

පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නම කියද්දී චාමර වීරසිංහ වගේම කියැවෙන තවත් නමක් තමයි ඉඳුනිල් අන්ද්‍රමාන්න කියලා කියන්නේ

ඒ වගේම තමයි ඉදුනිල් අන්ද්‍රමාන්න කියන්නේ ඒ සංගීත කණ්ඩායමේ නියාමක නිවේදන ශිල්පියා විදියටත් කටයුතු කළා.

ඉතින් මේ වෙද්දි ඉදුනිල් පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙලා කියලා අපට දැනගන්නට ලැබුණා.

මීට හේතුව පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායම විසින් තම නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබූ සටහනක් නිසායි.

එය මෙලෙසයි.

අන්දරමානට නැවතත් පර්පල් රේන්ජ් හැර යාමට සිදු වෙයි.නැවතත් සුපුරුදු පරිදිම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා හැදෙන්න අවස්ථාව දුන්නා හැදුනේ නෑ පරණ පුරුදු ආයෙත් කලා ඒව නතර කරන්න අවවාද දුන්නා ඇහුවෙ නෑ කණ්ඩායමක් එක්ක යනකොට විනය අවශ්‍යම සාධකයක් ඔහුගේ පවුලේ අය විසින් නැවත වතාවක් පුනරුත්ථාපන කිරීම සදහා මාස 6කට ඉදුනිල් කදවුරක් වෙත යොමු කලා මේ වන විටත් ඔහු ප්‍රතිකාර ලබමින් එහි සිටිනවා. ඉතින් මට සිදු වුනා මේ තීරණය ගන්න හැමෝම අහන්න ගත්තා ඉදුනිල්ට මොකද උනේ කියලා හැමදාමත් සගවා ගෙනම ඉන්න බෑ එයින් සිදු වන්නේ මා වගේම මාගෙ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයනුත් අපහසුතාවට පත් වන එකයි.ඉදුනිල් ඉවත් කිරීමට සාමාජිකයන් කිසිවකු සම්බන්ධයක් නොමැත ඔහුගේම අතින් සිදු වූ වරදින් මෙය සිදු විය සුබ ගමන් ඉදුනිල්

එහෙත් ඉඳුනිල් අන්ද්‍රමානද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මීට ප්‍රතිචාර දක්වා තිබුණා.

මේ දිනවල මා දැඩිලෙස රෝගාතුර වී පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව මාගේ සමීපතයින් කීපදෙනෙකු පමණක් දන්නා කරුණකි…
සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහාම පිළිතුරු ලබාදෙන්න බලාසිටියත් එල්ලවෙන මඩ ප්‍රහාර හා බොරු දරාගත නොහැකි නිසයි මේ පිළිබඳ ඔයාලව දැනුවත් කරන්නේ…
සංගීත කණ්ඩායමට කිසිම සම්බන්ධයක් නැති “Purple Range Dickwella” කියන ෆේස්බුක් පිටුවෙන් දාලා තිබුණා මාව නැවතත් මාස 6කට පුනුරුත්ථාපන කඳවුරකට යොදවලා කියලා…
එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් වන අතර මාගේ අසනීප තත්ත්වය දැන් බොහෝ දුරට සුව වී හමාරය.
නැවත පැමිණි වහාම (මේ සතිය ඇතුලත) සෑමදෙනාගේම ප්‍රශ්නවලට Live වීඩියෝ එකක් හරහා පිළිතුරු දීමට බලාපොරොත්තු වෙන්නෙමි!

“පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදනා මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ”

නින්දා ප්‍රශංසා වගේ අපහාස කියන්නෙත් මට නුපුරුදු දෙයක් නෙවේ! එකපාරක් වැටිලා නැගිටපු මං මේ පාරත් ආයේ නැගිටිනවා ඔයාලගේ ඒ ආදරය ශක්තියක් කරගෙන…!
ඉක්මනටම වේදිකාවට ඇවිත් අලුත්ම ගමනක් යන්නම් ඔයාලගේ ආදරය ආශිර්වාදය මැද්දෙන් ❤️
ඔයාලගේ ආශිර්වාදය ආදරය හා මේ වගේ රසික පිරිසක් ඉන්නකන් “අන්දරේව” වේදිකාවෙන් බස්සන්න කාටවත් බෑ!
මං ගැන හොයපු,ලක්ෂ ගණන් මැසේජ් දාලා මගෙ දුක සැප, කරන්නෝන උදව් අහපු සෑමදෙනාටම හදවතින්ම ආදරෙයි

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!