මනුස්සයෙක් පාරේ වැටිලා හිටියත් බලන්නේ නැති මිනිස්සු ඉන්න ලෝකෙක සතුන් ගැන හිතන අය ඉන්නේ කීයෙන් කී දෙනාද?
ඒත් අපි මේ කියන්න යන්නේ අපේ රටේ කාන්තාවක් සතුන් ගැන හිතලා ඩුබායිවල කරන අමුතුම වැඩක් ගැන.
ඇය අශෝකා.
ඩුබායිවල ගෘහ සේවිකාවක් වශයෙන් අවුරුදු 09කට වැඩි කාලයක් සේවය කරන අශෝකා ඒ අවුරුදු 09 පුරාවටම එරට වෙසෙන වීදී බළලුන්ට පුරුද්දක් වශයෙන් කෑම ලබාදෙනවා.
සෑම දිනකම සවස 05 සිට රාත්‍රී 09 දක්වා කාලය තුළ පසුගිය අවුරුදු 09 පුරාම ඇය මෙම සේවය සිදු කර තිබෙනවා.
මේ පුවත ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර තිබුණේ මෙලෙසයි.