Gossip

ඉන්දියාවේ ධනවත් කාන්තාවක් මහේල ජයවර්ධන ගැන කිව්ව දේ

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.

මෙවර අයි.පී.එල් තරගාවලියේ නොකඩවා තුන්වැනි ජයග්‍රහණයත් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා පැමිණීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට හැකිවුණා.

අයි.පී.එල් තරගාවලියේ 41 වැනි තරගය ලෙස කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ කල්කටාහි ඊඩ්න්ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් මුම්බායි කණ්ඩායම විසින් වාර්තා කිරීමෙන් අනතුරුව පිටිය තුළට පැමිණි නීටා අම්බානි රෝහිත් ෂර්මා ඇතුළු මුම්බායි ක්‍රීඩකයන්ට සුබ පතමින් සුහද පිළිසඳරක යෙදී තිබෙනවා. එහිදී මුම්බායි නායක රෝහිත් ෂර්මා ලොව හොඳම සහ නිරහංකාරම නායකයා බවත් එම කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බවත් නීටා අම්බානි ප්‍රකාශ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!