Gossip

අධික හිරු රශ්මිය නිසා යාපනයේ ශිෂ්‍යාවක් මරුට

යාපනය හින්දු විද්‍යාලයේ සිට නිවස බලා යමින් සිටි ශිෂ්‍යාවක්‌ 9 දා සවස විජලනය නිසා මියගොස්‌ ඇතැයි යාපනයේ මනිපායි පොලිසිය පවසනවා.

බාලකුමාර් ශ්‍රී සත්‍යා නමැති 17 හැවිරිදි මෙම සිසුවිය පාසල නිමවීමෙන් පසුව කන්කසන්තුරේ සූදුමලෙයි උතුරු ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස වෙත යමින් සිට ඇත්තේ පාපැදියකිනි.

මෙම දුර ප්‍රමාණය කිලෝමීටර් 30 ක්‌ පමණ වන අතර ඇය අතරමග පිහිටි වෙළෙඳසළක්‌ අසල පාපැදිය නවත්වා බීමට ජලය ඉල්ලා තිබෙනවා.

ජලය ඇය වෙත ලබාදීමට පෙර ඇය බිම ඇදවැටී ඇති අතර ස්‌වල්ප වේලාවකින් ඇයට සිහිය පැමිණීමෙන් පසුව වෙළෙඳසලේ උදවිය නිවසේ උදවියට දුරකථන ඇමතුමක්‌ ලබාදී ශිෂ්‍යාව තෙලිප්පලෙයි රෝහල වෙත ඇතුළත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලට ඇතුළත් කළ ශිෂ්‍යාව ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මියගොස්‌ තිබෙනවා.

තෙලිප්පලෙයි රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කොට ඇත්තේ අධික හිරු රශ්මිය නිසා මේ ශිෂ්‍යාව විජලනයට පත්වීම නිසා මියගොස්‌ ඇති බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!