Gossip

ඇයි මේ වගේ ලොකු පුතෙක්‌ගෙ අම්ම කෙනෙක්‌ වුණේ කියලා හැමෝම අහනවා – හිමාලි සයුරංගි

හිමාලි සයුරංගි කියන්නේ මේ දිනවල ජනප්‍රිය චරිතයක්. ඒ මේ දිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ උදේනිගේ චරිතයටද දායක වන නිසායි. ඉතින් හිමාලි සිය රංගන ජීවිතයේ වගතුග ගැන වගේ තවත් බොහෝ දේ ගැන මාධ්‍යට කියලා තිබුණා.

තරුණවියේ පසුවන ඔබ පුතෙකුගේ මවකගේ චරිතයකින් ප්‍රේක්‌ෂකයා හමුවට යැමේ අත්දැකීම ගැන පවසනවානම්?
මම කතාබහ කරද්දි සමහරු කියනව ඔයා තරුණ ගැහැණු ළමයෙක්‌ වගේනෙ ඇයි මේ වගේ ලොකු පුතෙක්‌ගෙ අම්ම කෙනෙක්‌ වුණේ කියල. නමුත් මම හිතනව මගේ වයසෙ පසුවන හැමෝටම ඒ වගේ චරිතයක්‌ කරන්න බැහැ. මේකත් මට මගේ රංගන ජීවියේ අලුත් අත්දැකීමක්‌. මම ඒ චරිතය සාර්ථකව නිරූපණය කළ නිසයි ඒක ප්‍රේක්‌ෂකයන් වැළඳ ගත්තෙ. ඇත්තටම ඉතින් ගොඩක්‌ ලාබාල වයසකදි විවාහ වුණා නම් මටත් ඔය වගේ පුතෙක්‌ ඉන්න පුළුවන්.

සැමියාගෙන් දුරස්‌ව දරුවකු හදාවඩාගන්න නේක දුක්‌විඳින උදේනිලා හිමාලිට හැබෑ දිවියෙත් හමුවෙලා තියෙනවද?
මේක කාන්තාවන්ට සමීප චරිතයක්‌. ආසියානු කලාපීය රටවල කාන්තාවන් දහදෙනෙක්‌ ගත්තොත් නව දෙනෙක්‌ විතරම දරුවන් හදාවඩාගෙන උත්සාහයෙන් ජීවිතයට මුහුණ දෙන කාන්තාවො තමයි ඉන්නෙ. . එතැනදි මම මගේ ජීවිතයෙන් විඳි අත්දැකීම් මම දන්න අයගෙ ජීවන අත්දැකීම වගේම මට අසන්න කියවන්න ලැබුණ කාන්තාවන්ගේ ජීවන අත්දැකීම් ඇසුරු කරගෙනයි උදේනිගේ චරිතය නිර්මාණය කර ගත්තෙ. උදේනිගෙ දෑස්‌වලට කඳුළු එන කිසිම දර්ශනයක මම දෑස්‌වලට ග්ලිසරින් දාලා නෙවෙයි කඳුළු ගත්තෙ. කාන්තාවක්‌ විදිහට මට උදේනිගෙ මානුෂීය හැඟීම දැනුනා. මම හිතනව මෑතකදි මට බොහෝ රසික පිරිසකගේ ආදර බහුමානයට පත්වුණේ උදේනිගෙ චරිතය සාර්ථකව කිරීම නිසයි.

මේ නිර්මාණය ගැන හිමාලිට දායක වෙන්න විශේෂයෙන් බලපෑ හේතු කාරණා මොනවද?
බිමල් එක්‌ක චරිතයක්‌ කරන්න මම කැමැත්තෙන් හිටියෙ. මීට පෙර අවස්‌ථා ලැබුණට ඒවා මග හැරුණා. රවීන් ගැන මට ලොකු අදහසක්‌ තිබුණෙ නැහැ. මොකද මම රවීන්ව මීට පෙර දැකල තිබුණෙ නැහැ. දර්ශණ තලයෙදියි මම එයාව දැක්‌කෙ. එතකොටයි මම දැනගත්තෙ එච්චර ලොකු පුතෙක්‌ ඉන්න අම්ම කෙනෙක්‌ විදිහටයි රගපාන්න වෙන්නෙ කියල. නමුත් මේ මවගෙයි පුතාගෙයි ආදරය මිත්‍රශීලීබව හැමෝටම ආදර්ශයක්‌ කියල මම හිතනව. මෙම නිර්මාණයේ අධ්‍යක්‌ෂකවරයාගේ පටන් සියලුම ශිල්පීන් ඉතාමත් දක්‌ෂයි. මෙහි සාර්ථකත්වයට පාදක වි ඇත්තේත් ඒ කාරණයමයි

උදේනි හැරුණම මෑත කාලයේ හිමාලිගෙ හිත්ගත් චරිත මොනවද?
ආනන්ද අබේනායක මහත්මයගේ නිර්මාණයක්‌ වන තක්‌සලාව ටෙලි නාට්‍යයේ අරුම්‍යා චරිතයටත් මම කැමතියි.

හිමාලි ඔබ ඔබේ හැකියාවන් සිනමාවට රැගෙන ගියා ප්‍රමාණවත් නැහැ කියා මා පවසනවා?
මටත් හිතෙන්නෙ එය එහෙමයි කියල. සිනමාව තමයි ශිල්පිනියක්‌ විදිහට අපි ග්‍රහනය කරගන්න ඕන දේ. මම කලාත්මක සිනමාවට හරි ආසයි .ඒත් චිත්‍රපට පහකට විතර තමයි මට දායක වෙන්න ලැබුණෙ. මම විශ්වාස කරනව කලාත්මක සිනමාව තුළ මට හොඳ යමක්‌ කරන්න හැකියාව තියෙනව කියල. අපි බලමු ඉදිරියේදි ඒ අවස්‌ථාව උදාවෙයිද කියල

ඔබේ ආරම්භය නිවේදිකාවක ලෙස ආවත් අද ඔබ එතැනින්ද බොහෝ දුරස්‌වෙලා?
නිවේදිකාවක විදිහට වැඩ කරන එක අමකත කරල නැහැ. කාලයක්‌ තිස්‌සෙ මා ලබාගත් අත්දැකීම්වලට ගැළපෙන මා බලාපොරොත්තුවෙන විදිහේ වැඩසටහනක්‌ ලැබුණොත් අනිවාර්යෙන්ම සම්බන්ධ වෙනව.

භාර ගන්න නිර්මාණ වගේම අතැර දමන නිර්මාණත් ඔබේ රංගන දිවියේ පවතිනවාද?
රඟපෑමේදි මට අත්හරින්න ගොඩක්‌ අවස්‌ථා තියෙනවා. නිර්මාණයක අධ්‍යක්‌ෂකවරයා හොඳ අධ්‍යක්‌ෂවරයෙක්‌ද හිතලයි මම නිර්මාණයකට කැමැත්ත ප්‍රකාශ කරන්නෙ. අධ්‍යක්‌ෂකවරයෙක්‌ පිළිබඳ තීරණයකට එන්නේ කුමන නිර්නායකයක්‌ තුළින්ද නිර්මාණකරුවෙක්‌ සහාය අධ්‍යක්‌ෂවරයෙක්‌ හා අධ්‍යක්‌ෂකවරයෙක්‌ විදිහට දිර්ඝ කාලයක්‌ වැඩ කරල පරිනත වෙන්න ඕනෑ. එවැනි නිර්මාණකරුවෙක්‌ අතිනුයි සාර්ථක නිර්මාණ බිහි වෙන්නෙ. එලෙස අත්දැකීම් නැති අය නිර්මාණ කරන්න ගියහම ඒ නිර්මාණ බංකොලොත් වෙනවා. අධ්‍යක්‌ෂණයේදී සාර්ථකත්වය වන්නේ මුදල් හෝ පොතපත දැණුම යන කාරණා විතරක්‌ නෙවෙයි පරිනතභාවයයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!