Gossip

ඇමෙරිකාවෙන් තෝරපු හොඳම කාන්තාවන් 10 දෙනා අතර ලංකාවේ කාන්තාවක්

ලොව වටා කාන්තාවන් දස දෙනෙකු තෝරා ප‍්‍රදානය කරන ‘කාන්තාවන් දිරි ගැන්වීමේ ජාත්‍යන්තර සම්මානයෙන්’ ශ‍්‍රී ලාංකීය කාන්තාවක්ද ඊයේ (07දා) ඇමරිකාවේදී සම්මානයට පාත්‍ර වුණා.

ඒ මැරිනිද ලිවේදරා මහත්මියයි.

අදාළ සම්මාන උළෙල ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබෙනවා.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් මහතාගේ බිරිය වන මෙලනියා ට‍්‍රම්ප් මහත්මිය අතින් මෙම සම්මානය ලබාගත් මැරිනිද ලිවේරා මහත්මිය අපරාධයට ලක්වූ කාන්තා සහ ළමා වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටින ලිවේරා මහත්මිය ජාතික ළමාරක්‍ෂක අධිකාරියේ සභාපතිනය ලෙසද කටයුතුකර තිබෙනවා.

ඇය සමගින් බංගලාදේශය, බර්මා,ජිබෝට්ටාව,ඊජිප්තුව, ජොර්දාන්,අයර්ලන්තය, මොන්ටෙනග්‍රෝ, පේරු සහ ටැන්සානියානු කාන්තාවන්ද මෙම සම්මානයට පාත‍්‍රවුණා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාද මෙම සම්මාන උළෙලට සහභාගී වී සිටියා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!