Gossip

පාසල් සිසුවියක් අම්මාගේ සාරියෙන් අවසන් ගමන් යයි

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදි ඇති අද(08) දින පාසල් සිසුවියක් තම පදිංචි නිවසේ ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් වතුයායේ ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි මුත්තුමණි ප්‍රියවංශනි නැමති 18 හැවිරිදි පාසල් සිසුවියක්.

අද අලුයම 3ට පමණ අවදි වී ඇති පාසල් සිසුවිය පාඩම් කරන බව පවසා නිවසින් පිටතට පැමිණි තම නිවසේ වහලේ බාල්කයේ මවගේ සාරියකින් ගෙළ වැළලා ගෙන ඇති බව බගවන්තලාව පොලීසිය සඳහන් කළා.

මිය ගිය සිසුවිය බාල්කයේ එල්ලි සිටින බව ඇයගේ සොහොයුරියක් විසින් අළුයම 5.30ට පමණ දැක එ බව බගවන්තලාව පොලීසියට දැනුම් දි තිබෙනවා.

සියදිවි හානි කරගත්තේ යැයි කියන පාසල් සිසුවිගේ පාද දෙක ගැට ගසා තිබිම සම්බන්ධයෙන් මෙය සිය දිවිහානි කරගැනිමක්ද නැතහොත් ඝාතනයක්ද යන්න පිළිබඳව බගවන්තලාව පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මිය ගිය පාසල් සිසුවියගේ දේහය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව බගවන්තලාව පොලීසිය ප්‍රකාශ කළා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!