Gossip News

ඇමරිකාවේ දී වෙඩි ප්‍රහාරයකින් ශ්‍රී ලාංකිකයකු අවසන් ගමන් යයි..

ඇමරිකාවේ ඕක්ලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු මියගොස් තිබෙනව බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මියගිය පුද්ගලයා කැලිෆොනියාවේ ඔරෙන්ජ් කන්ට්‍රිහි පදිංචි ජනත් ලියනගේ නමැති 32 හැවිරිදි අයෙකු වන අතර ඔහු ඇමරිකාවේ කුලී රථ රියදුරෙකු ලෙස සේවය කර තිබෙනවා.

ඔහු කිසියම් සොරකමක් සිදුවූ තැනක ගැවසීමේදී අනපේක්ෂිත සිදුවීමක් නිසා වෙඩිවැදී මරණයට පත්ව තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඔහුට වෙඩි තැබීමේ සිද්ධිය හා සොරකම අතර සම්බන්ධයක් නැති බව එරට පොලිසිය සඳහන් කර තිබෙනවා.වෙඩි වැදීමෙන් පසු කඩිනමින් ඔහු රෝහල් ගත කර තිබුණද පැය දෙකකට පමණ පසු ඔහු රෝහලේදී මියගොස් තිබෙනවා.

මේ අතර ඔහුට වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙන් මේ වන විට හෝඩුවාවක් නැති බවත් ඔහු සෙවීම සඳහා කැමරා දර්ශන ඇසුරින් පරීක්ෂණ අරඹා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!