Gossip News

ඇමරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව චීනය පසුකරයි

ගෝලීය වසංගතයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන චීනයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන ඉක්මවා ගොස් ඇත.

ඊයේ (31) රාත්‍රී 11 පමණ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ ගණන 3,305ක් විය.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 200,000කට ආසන්න පිරිසක් මිය යෑමේ අවදානමක් ද මේ වනවිට ඇති වී තිබේ.

ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් පමණක් නොව ආර්ථික අර්බුදයක් ද නිර්මාණය කර ඇති නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ද ඇමෙරිකා එක්සත් ජනපදයයි.

කෙසේ නමුත් මේ වනවිට කොවිඩ්-19 යනුවෙන් නම් කර ඇති කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඉතාලියටයි. එරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 11,000 ඉක්මවයි.

දෙවැනියට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ස්පාඤ්ඤයටයි. ඉතාලියෙන් හා ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 20,000 ඉක්මවා ගොස් ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!