Gossip News

ආසාදිතයන් පරීක්ෂාවට පානදුර රෝහල නවීන තාක්ෂණය යොදාගනී

කොරෝනා ආසාදිත බවට සැක පුද්ගලයකු රෝහලට පැමිණිවිට ඔහුගෙන් සෙසු පුද්ගලයන්ට වයිරසය ව්‍යාප්ත නොවී තබාගැනීමට විශේෂ පියවර කිහිපයක් ගන්නා බව  පානදුර මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ දොස්තර ලසිත් එදිරිසූරිය මහතා පැවසීය.

ඔහුව හදිසි ප්‍රතිකාර ඒකකය තුළ විශේෂිත කාමරයක තබා, ඔහුගේ විස්තර ගැනීමට නවීන තාක්ෂණය උපයෝගි කරගෙන ඇප් එකක් හරහා රෝගියාගේ සියලුම විස්තර ලබා ගන්නා බවද, එහි ස්ථාපිත කර තිබෙන මොනිටරය හරහා රෝගියාගේ යම් යම් දත්ත නීරීක්ෂණය කර ඔහුට උපදෙස් ලබාදෙන බවද ඔහු සඳහන් කරයි.

ඒ සදහා ඉදිරිපත් වන අයෙකුට  0704000044 දුරකථන අංකය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බව ඒ මහතා පැවසීය .

කොරෝනා ආසාදිත රෝගියෙකු ප්‍රතිකාර කිරීමෙදී දොස්තර වරුන් හා අනෙකුත් කාර්‍ය මණ්ඩලය පළඳින විශේෂිත ඇඳුම් කට්ටල, මුඛ ආවරණ, අත් වැසුම් සහ හිස් ආවරණ නිෂ්පාදන කිරීම දොස්තරවරු සහ හෙදියෝ රෝහල තුළ ස්ථාන 5 කදී නිෂ්පාදන කීරීමේ කටයුතු කරති.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!