Gossip News

ඇඳිරි නීතිය තිබියදී ගංජා ප්‍රවාහනය කරලා

ඇඳිරි නීතිය   පනවා තිබියදී පොලිස් අණ නොතකා  ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු දින 14රක  කාලයක් නිරෝධායනයට සහ තවත් දින දාහතරක් රක්ෂිත බන්ධනාගාරයට යොමු කරන ලෙස  ලෙස බදුල්ල මහේස්ත්‍රාත් චමින්ද කරුණාදාස  ඊයේ මහතා (23)  නියෝග කළේය .

කන්දකැටිය බුද්දංකෝට්ට ප්‍රදේශයේ පුද්ගලයකුට මෙලෙස දඩ නියම කෙරිණි.

ඇඳිරි නීතිය පනවා තිබියදී  ත්‍රිරෝද රථයකින් ගමන් කළ මෙම පුද්ගලයා පොලිස් අණ නොතකා පලා යාමට තැත් කරද්දී ඔහු හඹා ගිය පොලිස් නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන ත්‍රීවිල් රථය පරීක්ෂා කිරීමේ දී එහි තිබී   ගංජා හමුවී ඇත.

සුව ඔහු මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත්කිරීමෙන් ඔහු  දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්කරන ලෙසත් තවත් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්  නියෝග කෙරිනි.

කන්දකැටිය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් එම්  සිරිවර්ධන මහතාගේ උපදෙස් මත මෙහෙයුම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර තිබිණි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!