Gossip

ආදරය විවාහය කියන්නෙ මගේ පෞද්ගලි දෙයක්. මම කටකතාවලට පොඩ්ඩක්වත් බය නැහැ – සුධීක්ෂා සමාධි

හේලි නාට්‍යයේ නටාෂා ගැන ඔබ දන්නෙ මොනවාද? නටාෂා ගැන ඔබ මොනවා දැන නොදැන සිටියත් සුධීක්ෂා සමාධි ගැන නම් දන්න කියන අය බො​හෝමයි. මන්ද නටාෂා කියන්නෙ සුධීක්ෂා සමාධි වසර ගණනාවක් තිස්සේ බොහෝ නිර්මාණවලට දායක වෙමින් පැමිණි ගමනක තවත් එක් නැවතුම් පළක් වන නිසා.

සුදීක්ෂාට මේ ගමනෙදි ප්‍රෙක්ෂක ආදරය කොතරම් වටින සාධකයක්ද?

මම ටෙලිනාට්‍යයක වැඩ කරත්දි කරන දේ උපරිමයෙන් කරනවා. ඉතින් ඒ කළ වැඩෙන් පස්සෙ ප්‍රේක්ෂකයෝ මට ආදරය කරද්දී මම කළ චරිතයේ ගුණ දොස් ගැන කතා කරද්දී මට ගොඩක් ආස හිතෙනවා.

හේලි හි නටාෂා වෙන්න පසුබිම සැකසුණේ කොහොමද?

හේලි එකට නළු නිළියන් තෝරන පරීක්ෂණයක් කඩුවෙල හෝටලයක පැවැත්වෙන බව දැනගෙන මමත්, මනොජ් හා මිහිර යන මගේ මිතුරන් දෙදෙනාත් මේ පරීක්ෂණයට ගියා. ඒකට ගැහැනු සහ පිරිමි ළමයි දෙසිය හැත්තෑ ගාණක් විතර ඇවිත් හිටියා. මම හිතුවේ නැහැ මාව තේරෙයි කියලා. ඒ දෙසිය ගාණෙන්ම හේලි එකට තේරුණ එකම එක්කෙනා මම.

ජීවිතය හා රංගනය කොතරම් දුරට බැඳලද?

මම වෘත්තියෙන් පුද්ගලික ආයතනයක ජ්‍යෙෂ්ඨ ගිණුම් සහායිකාවක්. වෙනත් ක්ෂෙත්‍රයක රැකියාවක් කළාට මම රංගනයට මාර විදිහට ආදරෙයි. මේක මට දෙවියෝ දුන්න තෑග්ගක්. මේ ක්ෂෙත්‍රයේ මට කලබලයක් නැහැ. මම හෙමින් මේ ගමන යනවා.

ඇයි මේ ටෙලිනාට්‍යවලම නතරවෙලා ඉන්නෙ?

සිනමාවෙන් ඇරයුම ලැබිලා තියෙනවා. ඇරයුම් ලැබුණට මම ආසයි කලාවට හොඳ දෙයක් කරන්න. ඒ කියන්නෙ මම සුළු චරිත කරන්නෙ නැහැ. කියන එක නෙවෙයි සුළු චරිතයක් වුණත් මම කරන්න කැමැතියි. මගෙන් හොඳ දෙයක් කලාවට ලැබෙනවා නම් මම ඒක කරන්න කැමැතියි. එහෙම එකක් එනකං ආසාවෙන් බලාගෙන ඉන්නවා.

ඔබේ ගෙදෙර තොරතුරු?

මම ඉපදුනේ මහරගම. මගේ ගෙදර මීගොඩ. මගේ පවුලෙ අම්මයි, තාත්තයි, මල්ලියි ඉන්න‍ෙ. එයාලගෙන් මට ලොකු සහායක් ලැබෙනවා. මගේ අම්මයි තාත්තයි මම පුංචි කාලෙම මගේ හැකියාවන් හඳුනාගෙන මාව ඉදිරියට රැගෙන ගිය නිසා තමයි මම අද මෙතැන ඉන්නේ

ආදරය කරන්න කෙනෙක් තෝරගෙනද?

ආදරය විවාහය කියන්නෙ මගේ පෞද්ගලි දෙයක්. ඒක සුදුසු විදිහට සිද්ධ වෙයි.

ඒ ගැන කතා නොකරන්නෙ කටකතාවලට බය නිසාද?

මම කටකතාවලට පොඩ්ඩක්වත් බය නැහැ. කටකතාවලට බය නම් කලාකාරයෙක් විදිහට මේ ක්ෂ‍ෙත්‍රයට එන්නේ නැහැ. ඕනම කෙනෙක් රඟපෑමට එන්නෙ ඒ රිස්ක් එක අරගෙන. අපිට හොඳ වගේම නරක දේවල් ලැබෙනවා. අපි කොචච්ර හොඳින් හිටියත් සමහරු අපිව නරකටත් දකින්න පුළුවන්. හැමදෙයක්ම දරාගෙන කලාවට තියෙන ආසාවටයි මේකට ඇවිත් ඉන්නෙ

ධම්මිකා සුරංගි පතිරණ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!