Gossip

පාසල් ගිහින් නෑ සොහොයුරා සහ යාළුවන් සමග නාන්න ගිය සිසුවා ගිං ගඟට බිලි

ගිං ගෙඟ් මුල්කඩ පාලම අසල දිය නෑමට ගිය පාසල් සිසුවකු දියේ ගිලී ඊයේ (26) මියගිය බව බද්දේගම පොලිසිය පවසනවා.

මෙකී පාසල් සිසුවා තම සහෝදරයකු හා පාසල් සිසුන් හයදෙනකු සමග දිය නෑම සඳහා මුල්කඩ පාලම අසලට ගොස් ඇත. මුල්කඩ පාලමේ සිට මීටර් 100ක් පමණ දුරකින් මෙම සිසුන් ගිංගෙඟ් දිය නාමින් සිට තිබේ. එහිදී එක් සිසුවකු දියේ ගසාගෙන ගොස් ඇත. ගංගාවේ ඇති වක්කලම දෙසට පාසල් සිසුවා ගසා ගෙන ගොස් ගිලී ඇති බව පොලිසිය පවසනවා. මියගිය පාසල් සිසුවාගේ සහෝදරයා ද සිසුන් සමග දිය නාමින් සිට ඇත. මල්ලී දියේ ගසා ගෙන යන අයුරු ඔහු ඇතුළු සිසුන් දැක ඇතත් ඔහු බේරා ගැනීමට නොහැකි වී ඇත.

සිසුවා දියේ ගිලී පැයකට පමණ පසු ඊයේ (26) පස්වරුවේ දී සිරුරු සොයා ගෙන ඇත. මෙම සිසුන් ඊයේ (26) පාසල් නොපැමිණ ඇති බව ද පොලිසිය පවසයි. දියේ ගිලීමෙන් මියගොස් ඇත්තේ බද්දේගම ක‍්‍රිස්තුදේව බාලක විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි තුසිත් තනුජ දිසානායක (14) නමැති පැඟිරිදුවවත්ත, හැම්මැලිය, බද්දේගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!