Gossip

රටට වැඩක් ඇති, බන්ධනාගාර ඉතිහාසයට වැඩක් කළ, මඩ මැදින් පිපෙන මීගමුව බන්ධනාගාර අධිකාරී සම්පායෝ – Photos

මඩ ගහන්න කළින් රටටටත් සමාජයටත් වැඩක් ඇති මෙවැනි පුද්ගලයන්ට අත දිය යුතු නොවන්නේද..?
බන්ධනාගාර රැදවියන්ගේ මනස වෙනස් කළ හැකි අධිකාරීවරයෙක්..

තමන්ගේ හිතට ආපු වෙනස්ම සිතුවිල්ලකට අනුව අපූරු නිර්මාණයක් කරපු කෙනෙක් ගැන පසුගිය කාලයේ මාධ්‍යවල කතාබහට ලක්වුණා.
ඔහු තමයි මීගමුව බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්. යූ.ඩී. ඒ සම්පායෝ.
අලුත් නිර්මාණයක් කරන්න අත්හදා බලන්න ඉංජිනේරුවෙකුම විය යුතු නැති බව පසක් කළ සම්පායෝ මහතා ඔහුගේ සංකල්පයකට අනුව වෙඩි නොවදින බස් රථයක් නිර්මාණ කර තිබුණා.
ඒ බන්ධනාගාර ඉතිහාසය උඩුයටිකුරු කරමින් කළුතර බන්ධානාගාරයේ රැදවියන් අධිකරණයට රැගෙන යමින් සිටි බන්ධානාගාර බස් රථයකට පාතාල සාමාජිකයන් විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් බන්ධානාගාර නිලධාරීන් සහ රැදවියන්ගේ ජීවිත අවසන් කළ සිදුවීමෙන් පසුවයි.
එවැනි අවාසනාවන්ත සිදුවීමක් නැවතත් සිදුවිය යුතු නැති බව පසක් කරගත් සම්පායෝ මහතා තම නිර්මාණශීලී හැකියාව ප්‍රයෝජනයට ගනිමින් වෙඩි නොවදින බස් රථයක් නිර්මාණය කර තිබුණා.
සම්පායෝ මහතා එවකට ඒ මහතා කෑගල්ල බන්ධනාගාරයේ සහකාර අධිකාරිවරයා ලෙස කටයුතු කර තිබුණා.
කෑගල්ල බන්ධනාගාරය තිබූ රැඳවියන් රැගෙන යන බස් රථයක් මෙම නිර්මාණය සඳහා යොදා ගෙන තිබූ අතර පිටු පස රැඳවියන් රැගෙන යන කොටසේ දෙපස ජනෙල් දක්වා ආවරණය වන පරිදි ඉතාමත් ඝනකම් යකඩ තහඩු භාවිතා කර එම යකඩ තහඩු අතරට අමුද්‍රව්‍ය යොදා ලෙයර් ඒකක් (වෙඩි උණ්ඩය නතර වීමට ) යොදා ගෙන තිබෙනවා.
මෙය සිදුකර ඇත්තේ බස්රථයේ රැගෙන යා හැකි බරට සමගාමීව බවත් සමබරතාව සකසා ගනිමින් එය සාර්ථක කර ගැනීමට ඉතා අසීරුවි ඇත.
මේ නිපැයුම කර ගැනීම දක්ෂ කාර්මික ශිල්පීන් හා වෑද්දුම් කරුවන් කිහිපදෙනෙකුගේ සහයෝගය ලැබුණු බව සම්පයෝ මහතා පැවසීය . මෙම වෙඩි නොවදින බස්රථය ඇතුළු වීමේ දොරටුව විවෘත වන්නේ ක්‍රම දෙකකට වීමෙන් එකවර එම බස් රථය කිසිදු අයකුට ඇතුළුවීමට නොහැකි ලෙස ද තනා ඇත .
බසයේ පිටත සහ ඇතුලත ආරක්ෂිත කැමරා පද්ධතියකින් ද නිරීක්ෂණය වන ආකාරයට සකසා ඇත. බස් රථය නිපද වීමෙන් අනතුරුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් යොදවා තත්ත්ව පරීක්ෂණයට (වෙඩි තැබීමෙන් ) ලක් කිරීමෙන් අනතුරුව විශේෂ කාර්ය බලකාය මෙම බස් රථය සාර්ථක නිපැයුමක් බවට සහතික කර ඇත. බස්රථය නිර්මාණය කිරීමට ගතව ඇත්තේ මාස හයක පමණ කාලයක් බවත් දැනට බස්රථ කෑගල්ල බන්ධනාගාරයේ විශේෂ රැදවියන් ගෙන යාමට භාවිතා කරයි .එවැනි බස් රථයක් වෙනත් රටකින් ගෙන්වන්නේ නම් ලක්ෂ 20 කට අධික වන අතර මේ නිපැයුම සඳහා ලක්ෂ 7 ක මුදලක් වැය වි බවයි සඳහන් වන්නේ 2017 වසරේ මෙම බස් රථය නිර්මාණය කලද වසර තුනකට ආසන්න කාලයක් ගත වන මොහොත වන විටත් එවැනි තවත් බස් රථයක් නිර්මාණය කිරීමට කිසිදු පාර්ශවයක ගේ අවධානය යොමු නොවීම කනගාටුදායක කරුණකි.
තවද මොහු කෑගල්ල බන්ධනාගාරයේ සේවය කරන කාලය තුළ දී බන්ධනාගාර ගතව සිටින රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීමේ අරමුනින් විශාල වැඩපිළිවෙලක් ආරම්භ කළ නිලධාරියෙකු බව සම්පායෝ මහතා ගැන කළ සොයාබැලීමකදී අපට දැනගත හැකිවුණා.
ඒ ඔහු විසින් ප්‍රගුණ කළ බන්ධනාගාර ගත රැඳවියන්ට ලබා දී යහපත් පුද්ගලයන් සමාජගත කිරීම ඔහුගේ අරමුණ විය ඕනෑම මනුෂ්‍යයකු ගේ මනස හික්මවීම තුළින් සිත දමනය කළ හැකි මහා භාරතයේ යෝග ශාස්ත්‍රය අනුව මෙය පංචෙන්ද්‍රිය දමනය කිරීම තුළින් මනස නිරවුල් කිරීමේ ක්‍රියාවලියයි. මෙය ඉන්දියාවේ කිරාන් බේඩ් බන්ධනාගාරය තුළ හින්දු ආගමානුකූලව යෝගී භාවනා රැඳවියන් ලබා දී ඇත . ඇතැමුන් බන්ධනාගාර ගත වන්නේ භෞතික ලෝකයේ චිත්ත රූප අල්ලා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසයි මේ ක්‍රියාවලිය තුළ රටක අපරාධ වර්ධනය වෙනවා .මේ යෝගී භාවනා තුළින් මනස පාලනය කිරීමේ සිතුවිලි වලට ප්‍රතිකර්මයක් ලබා දීමට උත්සාහ කිරීමත් යොගී භාවනා සිදු කර භෞතික ශරීරය නිරෝගී කර ඒ තුලින් “නිරෝගිමත් මනසක් ලෝකෝත්තර සිතුවිල්ලක රැඳවීම ඔහුගේ අදහසයි ” වර්තමානයේ රජය විසින් බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී තිබෙන මොහොතක බන්ධනාගාර අධිකාරී ආර්.ඩබ්ලිව්.යු.ඩි.ඒ සම්පායෝ මහතාගේ යෝගා භාවනා වැඩසටහන් බන්ධනාගාර තුළ දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීම රට කරවන ඇත්තන්ගේ වගකීමකි එය රට වෙනුවෙන් ඉටු කළ යුතු ඉටු කළ හැකි යුතුකමකි.
සම්පායෝ මහතා කෑගල්ල බන්ධනාගාරයේ අධිකාරිවරයා ලෙස කටයුතු කළ වකවානුවේ දේශපාලන පලිගැනීම් මත එවකට පැවැති රජයෙන් ස්ථාන මාරුවක් ලැබෙන්නේ පොලොන්නරුවටය. එහි රාජකාරි කරමින් සිටියදී මීට මාස හයකට හයකට ඉහත දී මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා වැඩකාර ගෙන බන්ධනාගාරය තුළ භෞතික නිර්මාණය සහ නේවාසික රැඳවියන්ගේ පුනරුත්ථාපනය සඳහා විශාල වැඩ කොටසක් මේ වන විට කරමින් පවත්වනු අපට දැක ගත හැකි විය.
ඒ වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතුව මූල්‍ය වශයෙන් ශක්තියක් නොමැති අවස්ථාවක නේවාසික රැඳවියන්ගේ උන්නතිය උදෙසා අයි.සි.අර්.සි වැනි ජාත්‍යන්තර සංවිධාන හරහා නේවාසිකයන්ගේ වැසිකිලි පද්ධතිය මුලුතැන්ගේය හා නේවාසික වාට්ටු ලක්ෂ ගණනක් වැය කරමින් සංවර්ධන කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙනවා.
ඒ වගේම නිලධාරීන්ට ඉන්න නේවාසිකගාර හරි හැටි තිබු නැහැ වර්ග අඩි 4000 කට වැඩි විශාල ව්‍යාපෘතියක් මගින් නිලධාරීන්ට නිවස්නයක් ඉදිකරමින් පවතිනවා.
මේ මෑත කාලයක සිට විවිධ පුද්ගලයන් දෙපාර්තමේන්තුවට හා එහි නිලධාරීන්ට අපකීර්තියක් වන ලෙස යම් යම් චෝදනා එල්ල කරමින් මීගමුව බන්ධනාගාරයේ සිට ජාවාරමක් සිදුවන බවට හා බන්ධනාගාර පොඩ්ඩෝ එ පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටින බව පවසමින් විවිධ ප්‍රචාර ගෙන යන බවත් හැඟෙන ආකාරයට නම් මීගමුව බන්ධනාගාරය අරන් යන සංවර්ධන වැඩපිළිවෙළ සහ නිලධාරීන්ගේ රාජකාරි කැපවීමට කල අභියෝගයක් ලෙස සලකන බවයි අධිකාරී වරයා පවසන්නේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මූලික අරමුණ වන්නේ රැඳවියන්ගේ ආරක්ෂාව රැකවරණය පුනුරුත්ථාපනය කියන වැඩපිළිවෙළ වගෙම රාජකාරියට ඒමට සුබවාදී මානසික ආකල්ප නිලධාරීන්ට තිබිය යුතුයි බවත් රාජකාරි කාලය තුළ තමුන් ගන්නා වැටුපට වඩා යම් කිසි දෙයක් දෙපාර්තමේන්තුවටත් සමාජයටත් කළ යුතු යැයි ඔහු ගේ අරමුණයි..

අලුත් අදහස් ඇති රටටත් බන්ධානාගර දෙපාර්තමේන්තුවටත් වෙනසක් කළ හැකි මෙවැනි අධිකාරීවරුන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට පෙර ඔවුන්ගෙන් දෙපාර්තමේන්තුවට සහ රටට ලබාගත හැකි සේවය ගැන සිතීම බලධාරීන්ගේ යුතුකමක් නොවන්නේද..?

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!