Gossip

ආණ්ඩුවට මොකද මේ වෙන්නේ – ආණ්ඩුවේ 10ක් විපක්ෂයට?

අද පැවැත්වීමට නියමිත කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයෙන් පසු ආණ්‌ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මැති ඇමැතිවරුන් දස දෙනකු පමණ විපක්‌ෂයේ අසුන් ගැනීමට නියමිත බව හිටපු ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසනවා.

මීට පෙර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 16 දෙනාගෙන් කිසිවකු නැවත ආණ්‌ඩුවට එකතුවී කැබිනට්‌ අමාත්‍ය ධුර ලබා නොගන්නා බවද හිටපු ඇමැතිවරයා සඳහන් කළා.

එම 16 දෙනා ආණ්‌ඩුවෙන් ඉවත් වී විපක්‍ෂයේ අසුන් ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්‌ඩුවක්‌ බිහිකිරීමට බවත්, එය ඉටුවෙන තෙක්‌ විපක්‍ෂයේ සිටිමින් ආණ්‌ඩුවට එරෙහි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් එස්‌.බී. දිසානායක මහතා පැවසුවා.

ඒ සඳහා ඉවත් වූ 16 දෙනාට ශක්‌තියක්‌ වෙමින් නව කැබිනට්‌ මණ්‌ඩල සංශෝධනයේ දී තවත් දස දෙනකු විපක්‌ෂයේ අසුන් ගන්නා බවද හිටපු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!