Gossip

ජනාධිපති ලේකම් කාර්යාලයට මැති ඇමතිවරු සෙට් එකම ඇවිත් – රවී තාමත් නැහැලු

නව අමාත්‍ය මණ්ඩලය අද(01) දිවුරුම් දීමට නියමිතව ඇති අතර මේ වන විට ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වනවා.

අද පෙරවරු 10.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

නමුත් මේ වනතෙක් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ නොමැති බවද හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය වෙත පැමිණ ඇති බවද සඳහන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!