Gossip

උඹට කන්න බොන්න දීලා බලාගන්න ඕනනම් උඹට අයිති ගේයි ඉඩමයි විකුණලා මට සල්ලි ගෙනත් දීපං කියලා කිවුවා – වෙසක් පෝය දවසේ නිවසින් පන්නා දැමූ මහළු මව කිව්ව සංවේදී කතාව

දෙමව්පියන් කොච්චර ආදරයෙන්ද තමන්ගේ දරුවන්ට කන්න බොන්න දීලා උස්මහත් කරන්නේ.

හැබැයි ඒ දෙමාපියන් කවදාහරි අසරණ වුණාම ඒ අයට දරුවෝ සළකන්නේ නැත්නම් ඒ දෙමාපියන්ට කොච්චරනම් දුක හිතෙයිද?

අපි මේ කියන්න යන්නේ මාදම්පේ ප්‍රදේශයෙන් ඇසුනු සංවේදී කතාවක් ගැන.

ඒ, වෙසක් පුර පසළොස්වක පොහොය දිනයේදී තම දියණියගේ නිවසට පැමිණි මහළු මවට බැන වැදී නිවසෙන් පන්නා දමා එම මවගේ දියණිය සහ පවුලේ අය වෙසක් සිරි නැරඹීම සඳහා ගොස් තිබූ පුවතක්.

ආණමඩුව ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක පදිංචිව සිටිම මෙම මහළු මව වෙසක් පුරපසළොස්වක පොහොයදා තම දියණිය සහ දරු මුණබුරන් දැක ගැනීමේ ආසාවෙන් මාදම්පේ ප්‍රදේශයේ තම දියණියගේ නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී මෙම දියණිය විසින් තම මහළු මව නිවසෙන් පන්නා දමා තිබෙනවා.

එම අවස්ථාවේදී අසරණභාවයට පත්වුනු මෙම මව තමන් මුහුණ දුන් අත්දැකීම කඳුලු අතරින් මෙලෙස ප්‍රකාශ කලා.

“මගේ මහත්තයා මිය ගිහින්. මට දරුවන් හය දෙනෙක් ඉන්නවා. එක පුතෙක් මේපාර ප්‍රාදේශීය සභාවට තරඟ කරලා මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නවා. මම අද උදේ මගේ දියණිය සහ දරුවන් බලන්න මාදම්පේ පිහිටි නිවසට ආවා.මාව ගේ ඇතුලටවත් ගත්තෙ නෑ. උඹට කන්න බොන්න දීලා බලාගන්න ඕනනම් උඹට අයිති ගේයි ඉඩමයි විකුණලා මට සල්ලි ගෙනත් දීපං කියලා කිවුවා.

මම පදිංචි වෙලා ඉන්න ගේයි ඉඩමයි විකුණලා සල්ලි ගෙනත් දෙන්න කියලා දුව නිතර කරදර කරනවා.එදත් මට හොඳටම බැන්නා. දිව ගිලෙන්න තරම් වතුර තිබහෙ හිටියෙ එ්ත් වතුර ටිකක්වත් බොන්න දුන්නෙ නෑ. පස්සෙ දුවයි බෑනයි එයාගෙ දරුවොයි ලොරියක නැගලා වෙසක් බලන්න ගියා.මම ඒ වෙනකොටත් හොඳටම බඩගින්නෙ හිටියෙ. ඒ නිසා මම ලඟ ගෙදරට ගිහින් විස්තරේ කිවුවම ඒ නෝනා මට බඩ කට පිරෙන්න කන්න දුන්නා.

කිසිම දරුවෙක් මට සලකන්නෙ නෑ. මම කීර මිටි විකුණලා කීයක් හරි සොයාගෙන ජීවත් වෙන්නෙ. මාදම්පෙ ඉන්න මගේ දුවගේ බෑනා බූරු ගහනවා.මගේ ගේ විකුණලා සල්ලි දුන්නොත් ඒවායෙනුත් බූරු ගහයි. මම ජීවත්ව ඉන්නකම් මගේ ගේයි ඉඩමයි විකුණලා දරුවන්ට සල්ලි දෙන්නෙ නැහැ. මම මැරුණට පස්සෙ ඕන දෙයක් කරගත්තට කමක් නැහැ. වැඩක් පලක් කර ගන්න තරම් ශක්තියක් ඉස්සර වගේ මට නැහැ.

මෙම සිද්ධිය පිළිබඳව පොලීසිය දැනුවත්කර යම් සහනයක් ලබා දීමට අවස්ථාව සලස්වා දීමට උත්සාහ කර තිබුණද මෙම මහළු මව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබුනේ වෙසක් පොහොය දින දරුවන්ට විරුද්දව පැමිණිලි කර පවු පුරවා ගැනීමට නොහැකි බව ප්‍රකාශ කරමිනුයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!