Gossip

අහිංසක සතුන් ගොදුරු කරගත් මිනිස් වෙස් ගත් මේ තිරිසනුන්ට කුමන දඬුවමක් දිය යුතුද..? Photos

දඹුල්ල ඉනාමළුව රජයේ රක්ෂිතයේ හාවුන් දඩයමේ ගිය පුද්ගලයන් දෙදෙනෙකු ගිනි අවියක් පතුරම් සහ වෙඩි තබා ඝාතනය කරන ලද හාවුන් දෙදෙනෙකු සමඟ දඹුල්ල වන සංරක්ෂණ නිලධාරීන් අද (01) අළුයම සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ඉනාමළුව ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි දඹුල්ල බීට්ටු වන නිලධාරී එඩ්වඩ් නොයෙල් මහතා පවසන්නේ.

වන සංරක්ෂණ නිලධාරී කණ්ඩායමක් 31 රාත්‍රියේ මධ්‍යම රාත්‍රියේ ඉනාමලුව රක්ෂිතයේ මුර සංචාරයක නිරතව ඇත්තේ කැලෑ ගිනි තැබීම් සහ දඩයක්කරුවන්ගෙන් දිගින් දිගටම සිදුවන හානි පිළිබඳව සොයා බැලීම සඳහායි.

අලුයම තුනට පමණ විදුලි පන්දම් එළියක් දැක රක්ෂිතයේ සැඟවී සිටිමින් දඩයමේ ගොස් නැවත නිවෙස් බලා යමින් සිටි මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාලයක් තිස්සේ මෙම පුද්ගලයන් ඉනාමලුව රක්ෂිතයේ වන සතුන් දඩයම් කරමින් සංචාරක හෝටල්වලට මස් අලෙවි කිරීම සිදු කරන බවත් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබුණා.

මෙම දඩයක්කරුවන් දිගින් දිගටම ප්‍රරදේශයේ දඩ මස් අලෙවි කිරීම සඳහා නම් දරා සිටින පුද්ගලයන් බවත් සංචාරක හෝටල්වලට සහ විවිධ සාදවලට දඩමස් සැපයීම ඔවුන්ගේ රැකියාව බවට පත් වි ඇති බවත් නිලධාරීන් ප්‍රකාශ කළේය.

සැකකරුවන් දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!