Gossip

SPA කියලා බෝඩ් ගහලා වෙන වෙන සෙල්ලම් දාපු අයට වැඩ වැරදුණු හැටි

ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම්වල ඇති සම්භාහන මධ්‍යස්ථාන වැටලීමක් ඊයේ සිදුකර තිබුණා.
බස්නාහිර උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත මෙම වැටලීම සිදුකර තිබූ අතර සම්භාහන මධ්‍යස්ථාන මූවාවෙන් සිදුකරගෙන ගිය ගණිකා නිසාව සහ නීත්‍යානුකූල බලපත්‍ර නොමැතිව පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන කොටුකර ගැනීමට මෙහිදී හැකිව තිබෙනවා.
ගණිකා වෘත්තියේ නියැලුනු කාන්තාවන් 67 දෙනෙකු මෙහිදී කොටුකරගෙන තිබෙනවා.
මෙම කාන්තාවන් වයස අවුරුදු 18 ත් 40 ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.
තවද බලපත්‍ර නොමැතිව සිදුකරගෙන ගිය සම්භාහන මධ්‍යස්ථාන 43 ක්ද ඒවා කළමනාකරණය කළ 11 දෙනෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට ගත් මේ පිරිස අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසි පැවසුවේ.රීමට නියමිත බවයි පොලිසි පැවසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!