Gossip

අහ­ම්බෙන් රංග­න­යට ඇවිත් හොඳම නිළිය වූ සිලිඳු

කලා­වෙන් මගේ ආත්ම තෘප්තිය සොයා යන්නයි ඇය මට මඟ පෙන්වන්නේ

මට අවශ්‍ය කරන දෙයින් හොඳම ප්‍රති­ඵල ලබ­න්නයි

ඇය සිලිඳු රංව­ලය.. ඇගේ රුව තව­මත් ඔබට නුහුරු වූවත් ඒ හඬ බොහෝ ළෙන්ගතු වන්නේ වයස අවුරු තුනක් තරම් පුංචි වයසේ සිටම ඇය හඬ කැවීම් ශිල්පි­නි­යක් ලෙස කට­යුතු කරන නිසා­වෙනි. දිගු කලක් මුළුල්ලේ හඬින් දස්කම් පෑ ඇය චාමික හත්ල­හ­ව­ත්තගේ ‘බෝම්බ­යක් ඉතු­රුයි‘වේදිකා නාට්‍ය­යෙන් රංග­න­යට පිවි­සෙන්නේ කවු­රුත් දන්නා කලා පවු­ලක ආභා­සය නිසා යැයි සිතුණත් සිලිඳු රංග­නයේ සොයා යන්නේ ඇය­ටම අනන්‍ය වූ මාන­යකි. නිලංක නිස­ලං­ජල්ගේ ‘අත­ර­මැ­දියා’ වේදිකා නාට්‍යය වෙනු­වෙන් මෙවර යොවුන් සම්මාන උළෙලේ සහ පසු­ගිය දා  පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ දිගු නාට්‍ය අංශ­යෙන් හොඳම නිළිය ලෙස සම්මා­න­යෙන් ඇගැ­යුම් ලබ­මින් සිලිඳු එය මනාව ඔප්පු කර පෙන්ව­න්නීය

 දෙවැනි නිර්මා­ණ­යෙන්ම මෙවැනි ඇගැ­යී­මක් ලැබී­මත් එක්තරා භාග්‍ය­යක් ?

මෙවැනි ඇගැ­යී­මක් ලැබේවි යැයි හිතුවේ නෑ. මේ චරි­තයේ තිබූ ගැඹුරු බව සහ පිට­පතේ ප්‍රබ­ල­ත්වය නිසා මගේ රඟ­පෑම ඇතු­ළා­න්ත­යෙන්ම කර­න්නයි මට ඕන වුණේ. එයට මේ නාට්‍ය අධ්‍ය­ක්ෂ­ණය කළ නිලං­ක­ගෙන් ලොකු පිටි­ව­හ­ලක් සහ නිද­හ­සක් ලැබුණා. අපි තුන් දෙනා­ගෙම තිබූ වෙන­ස්කම් ලස්ස­නට එළි­යට ගන්න ඔහු සමත් වුණා. ඉතින් ඒ හැම දේකම ජය­ග්‍ර­හ­ණ­යක් තමයි මේ සම්මා­නය. මම ක්ෂේත්‍ර­යට ඇවිත් තවම අවු­රුදු දෙකයි. ඒ කියන්නේ බොහොම පොඩි කාල­යක්. ඒ වගේ කෙටි කාලෙ­කදී මෙවැනි සම්මා­න­යක් ලැබීම ලොකු වටි­නා­ක­මක් විදි­හ­ටයි මට දැනෙන්නේ.

 ඔබ මෙරට කවු­රුත් දන්නා කලා පවු­ලක තවත් පුරු­කක්. කලා­වට ප්‍රවිෂ්ට වීමට එය ආභා­ස­යක් වෙන්න ඇති?

ඇත්ත­ටම නෑ. රංග­නය ගැන කිසිම අද­හ­සක් නැතිව හිටපු මම රංග­න­යට යොමු වීම අහ­ම්බ­යක්. චාමික හත්ල­හ­ව­ත්තගේ ‘බෝම්බ­යක් ඉතු­රුයි‘ කියන මගේ පළ­වෙනි වේදිකා නාට්‍යට සම්බන්ධ වෙද්දි­වත් මට කොත­රම් දුරට රඟ­පාන්න පුළු­වන්ද කියලා මම දැනන් හිටියෙ නෑ. චාමිකගේ නිර්මා­ණ­ය­කට සින්දු කියන්න, නටන්න වගේම රඟ­පාන්න පුළු­වන් කෙනෙක් හොය­නව කියල ආරංචි  වුණා. මට සින්දු කියන්න වගේම නට­න්නත් පුළු­වන් නිසා මට හිතුණා රඟ­පාල බලන්න. ඒ අත්හදා බැලීම සාර්ථක වුණා.

 හඬ කැවී­මෙන් හා රංග­න­යෙන් මේ වන විට දක්ෂතා පෙන්වා තිබෙන සිලිඳු ගාය­න­යෙන් හා නර්ත­න­යෙන් එවන් අත්හදා බැලීම නොකළේ ඇයි?

ඒකට ලොකුම හේතුව කාලය මදි­කම. මං පොඩි කාලේ ඉඳල කැමැති වුණේ නර්ත­න­යට. ගොඩක් දෙනෙක් මාව දැනන් හිටියේ ඒ අංශ­යෙන්. ගාය­න­යට තිබෙන හැකි­යාව මම දැන­ග­ත්තෙත් ගොඩක් පහු වෙලා. නමුත් ඒ කාලෙදි අධ්‍යා­පන කට­යු­තු­ව­ල­ටයි මුල් තැන දුන්නේ. යමක් කර­න­කොට ඒකෙන් හොඳම ප්‍රති­ඵල ලබා­ග­න්නයි මට අවශ්‍ය වුණේ. ඒ නිසා බාහිර දේවල් වලට සම්බන්ධ වෙන්න ඒ කාලේ මට වෙලා­වක් ලැබුණේ නෑ. නමුත් මේ දව­ස්වල මගේ කුලු­ඳුල් ගීතයේ වැඩ­ක­ට­යුතු කෙරී­ගෙන යනවා.  ඉතින් නුදු­රේ­දීම ගාය­න­යෙ­නුත් ප්‍රේක්ෂ­ක­යන්ට මාව මුණ ගැහේවී.

 වේදි­කා­වෙන් ඔබ්බට යන්න ඔබේ අද­හ­සක් තියෙ­න­වාද?

එහෙම අව­තීර්ණ නොවී ඉන්න අද­හ­සක් නැහැ. සින­මා­වට හෝ ටෙලි නාට්‍ය­ව­ලට ආරා­ධනා ලැබු­ණොත් පිට­පත හා චරි­තයේ ස්වභා­වය අනුව මම දායක වෙනවා.

 වෘත්තීය රංගන ශිල්පි­නි­යක් ලෙස රැඳෙන්න බලා­පො­රො­ත්තු­වක් තිබෙ­න­වාද?

වෘත්තී­මය වශ­යෙන් රංගන ශිල්පි­නි­යක් වෙන්න නම් බලා­පො­රො­ත්තු­වක් නැහැ. අපේ රටේ ඒ දේ කරන්න අප­හ­සුයි. දැනට මම මගේ උසස් අධ්‍යා­පන කට­යුතු කරන්නේ ජාත්‍ය­න්තර සබ­ඳතා හා මනෝ­වි­ද්‍යාව යන විෂ­යන් ඔස්සේ. ඒ අංශ­යෙන් මගේ වෘත්තීය ජීවි­තය ගොඩ­නගා ගනි­මින් කලාවේ ගුණා­ත්මක නිර්මා­ණ­වල නියැ­ළෙ­න්නයි මගේ බලා­පො­රො­ත්තුව.

 ඔබේ මව දක්ෂ රංගන ශිල්පි­නි­යක්. ඔබ ගැන ඇගේ කිය­වීම කොහො­මද?

මගේ අම්මා වසන්ති රන්වල. පොඩි කාලෙ ඉඳ­ලම ඇගේ රඟ­පාන විදිහ, වැඩ­ක­ට­යුතු කරන විදිහ මම දැක්කා. ඒ හැදෑ­රීම මම අද ඉන්න තැනට ලොකුම පිටි­ව­හ­ලක් වුණා. ඇය මට නිත­රම කිව්වේ අධ්‍යා­පන කට­යුතු සාර්ථක කර ගන්න කිය­ලයි. එයින් මගේ ස්ථාව­ර­ත්වය හදා ගනි­මින් කලා­වෙන් මගේ ආත්ම තෘප්තිය සොයා යන්නයි ඇය මට මඟ පෙන්වන්නේ

කලා පර­පු­රක පුරු­කක් වීම බොහෝ විට මේ ක්ෂේත්‍ර­යට පහ­සු­වෙන් ඇතුළු වීමට හෝ රැඳි සිටී­මට මාර්ග­යක් ලෙස හසු­රුවා ගන්නවා ?

පුංචි කාලේ ඉඳලා මට අවශ්‍ය වුණේ මගේ දේකින් ගොඩ­නැ­ඟෙන්න. මාව බොහෝ දෙනා දැන ගන්නේ හඬ­කැ­වීම් ශිල්පි­නි­යක් විදි­යට. නමුත් වේදි­කා­වෙන් මට ලොකු ගම­න­කට පාර හදලා දුන්නා. දැන­ටත් මම රංගන වැඩ­මු­ළු­ව­ලට සහ­භාගී වුණත් බොහොම ඉක්ම­නින් රංග­නය පිළි­බඳ තව තවත් හදා­ර­මින් ඒ ගම­නට ගාය­න­යෙන් සහ නර්ත­න­යෙ­නුත් අලුත් දේවල් එකතු කර­ග­මින් මගේම අන­න්‍ය­තාව ගොඩ­නඟා ගන්නයි මට අව­ශ්‍යය.

සිළුමිණ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!