Gossip

ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියට ප්‍රබලයෝ රැසක්

රිස් ගේල්, ඩැරන් සැමි, යන ප්‍රබල කොදෙව් ක්‍රීඩකයන් ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසිය සඳහා අයත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔක්තෝම්බර් 01 වැනිදා පැවැත්වීමට යෙදී තිබෙන ක්‍රීඩක වෙන්දේසියේ ලංසු තැබීම සඳහා ක්‍රීඩකයන් 150 ක් පමණ ඇතුළත් බවද වාර්තා වේ.

සෑම කණ්ඩායම් හිමියෙක් සඳහාම ජාත්‍යන්තර ක්‍රීඩකයන් හය දෙනෙකුගේ උපරිමයක් දක්වා මිලදී ගත හැකිය. ඒ අනුව එල්.පී.එල්. සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් 30 ක් සහ දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන් 65 ක් වනසේ විය හැකි අතර සෑම සංචිතයකම සාමාජිකයන් 19 දෙනෙකු සිටිය යුතුය.

මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩැරන් බ්‍රාවෝ, ෂාහිඩ් අෆ්රිඩි, ෂකිබ් අල් හසන්, රවී බෝපාරා, කොලින් මුන්රෝ, වර්නන් ෆිලැන්ඩර් සහ මුනාෆ් පටෙල් යන ක්‍රීඩකයන්ද ඇතුළත් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වර්තමාන කාලසටහනට අනුව මෙම තරගාවලිය නොවැම්බර් 14 සිට දෙසැම්බර් 6 දක්වා පැවැත්වේ. එම තරග දඹුල්ල, පල්ලේකැලේ සහ හම්බන්තොට යන ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ ආරම්භය හම්බන්තොටදී පැවැත්වෙනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!