Gossip News

අවුරුදු 11 වයසැති දැරියට සීයා සහ බාප්පා කරපු නරුම වැඩේ.. වීඩියෝ

මෙම මාධ්‍ය ප්‍රචාරණය තුළින් දෙමාපියන් අවදිකරන ලෙස දැරියගේ මවගේ ඉල්ලීම මත මෙම මාධ්‍ය ආවරණය අපි කළ බව සදහන් කරන්නෙමු.

නොච්චියාගම ප්‍රදේශයේ ළමා අපචාර වැඩිපුර සිදුවන බවට මාධ්‍ය වල මේ දවස්වල වාර්තා වෙනවා. නොච්චියාගම ලේකම් කාර්යාලීය ප්‍රදේශය තුළ අවුරුදු 72 වයස සීයාගෙන් (පියාගේ පියා) සහ බාප්පාගෙන් ( පියාගේ පොඩිම මල්ලි) අතින් වයස අවුරුදු 11 වන දැරියක් දූෂණය වී තිබෙන බවට වෙබ් ගොසිප් මාධ්‍යකරු පවසනවා.බාප්පා අතින් එම දැරියව අවුරුද්දක් තිස්සේ අපයෝජනය වී තිබෙන අතර මේ දැරිය අවුරුද්දක් තිස්සේ මානසිකව දැඩිව තාඩන පීඩන වලට ලක්ව තිබෙනවා.

එම දැරිය පවසන අන්දමට මෙම සිදුවීම පිළිබඳව කාටහරි කීවෝතින් තමන්ව මරණ බවට සීයා හා බාප්පා පවසා තිබෙනවා. ඒ වගේම දැරියව බාප්පා හා සීයා විසින් දූෂණය කිරීම දෙදෙනා දෙදෙනාටම හොරෙන් සිදුකර ඇති බවට දැරිය පවසනවා.

දැරියව අපයෝජනය කිරීමට පටන්ගෙන ඇත්තේ දැරියගේ මව විදේශ රැකියාවට ගොස් පියා සමග ජීවත් වන අවස්ථාවෙදී වන අතර පියා රාජකාරිය සදහා ගමන් යන විට දැරිය නිවසේ තනිව සිටින විට ඇයව අපචාරයට ලක්කර තිබෙනවා. පළමු සිදුවීම නොච්චියාගම සීයාගේ නිවසේ දී සිදුවී තිබෙන අතර දෙවන සිදුවීම රාජාංගනයේ ආච්චිගේ නිවසේ සිදුවී තිබෙනවා. එම නිසා නොච්චියාගම පොලීසිය හා රාජාංගන පොලීසිය එක්ව මේ දෙදෙනාව අත්අඩංගුවට ගෙන රක්ෂිත් බන්ධනාගාර ගතකර තිබෙනවා.මව ඉල්ලා සිටින්නේ මෙවැනි කුරිරු අමනුෂයන් වෙනුවෙන් නීතිඥයන් ඉදිරිපත් නොවන ලෙසයි. දැරිය මේ දෙදෙනාට නිසි දඩුවම් දෙන ලෙස ඉල්ලා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!