Gossip News

පාසල් දැරිය ඇදුම් මාරු කරනවා වීඩියෝ කරපු කොස්තාපල්වරයාට වුණ දේ මෙන්න..

වයස අවුරුදු 13ක් වන පාසල් දැරියක් තමන්ගේ කාමරයේ සිට ඇදුම් මාරුකරන අයුරු තම ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඊයේ (23) පස්වරුවේ භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවට ගාල්ල වරාය පොලීසීය පවසනවා.

පොලිස් කොස්තාපල්වරයාගේ නැන්දම්මාගේ නිවස නුගදූව ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර ඇය තමන්ට අයිති තවත් නිවසක් බදු දී තිබෙනවා. එම නිවසේ පදිංචි දහතුන් හැවරිදි දැරිය නාන කාමරයට ගොස් ඇදුම් මාරුකිරීම සදහා කාමරයට පැමිණි අවස්තාවේ කොස්තාපල් වරයා කාමරය අසල ඇති වැටට නැග එක් අතකින් ජංගම දුරකථනය කාමරය තුලට දමා වීඩියෝ කොට ඇති බව පැවසේනවා.

එම දැරිය මෙය දැක හයියෙන් කෑගසා තිබෙනවා. ඇය ගේ මස්සිනාලා දෙදෙනා මොහු අල්ලාගෙන තිබුණත් කොස්තාපල්වරයා පලාගොස් තිබෙනවා. මේ පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව  විමර්ශනය ආරම්භ කර තිබෙනවා.

පසුව පොලිස් කොස්තාපල්වරයා පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.ගාල්ල වරාය පොලිසීය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!