Gossip

අල්ලස් දෙන්න ගිය දයාසිරි මාතරදී පොලිස් අත්අඩංගුවට

පොලිසියට අල්ලස් දීමට ගිය දයාසිරි නම් පුද්ගලයෙකු පිළිබඳව මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස අල්ලස් දී ඇත්තේ තම ගංජා ජාවාරම දිගින් දිගටම කරගෙන යාමටයි.

අකුරුගොඩ රංපැටියා නොහොත් ගමගේ දයාසිර නැමැති 42 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

දීර්ඝ කාලයක සිට ගංජා ජාවාරම සිදුකරන මෙම පුද්ගලයා පසුගිය දිනක මත්ද්‍රව්‍ය සමඟ පොලිසියට හසුවී ඇති අතර එවිට රුපියල් 8,000 දඩයක් මත නිදහස් කර තිබුණා.

දිගින් දිගටම තමා වැටලීමට ලක්කිරීම හේතුවෙන් පොලිසිය සමඟ ගිවිසුමකට එළඹීමට ඒ අනුව ඔහු තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔහු මාලිම්බඩ පොලිසියේ නිලධාරියකුට දුරකථන ඇමතුමක් ලබාදී සඳහන් කර ඇත්තේ තමන් ඒ සඳහා මාස්පතා රුපියල් 15000ක් ලබාදීමට සූදානම් බවයි.

ඒ අනුව ඔහු ඊයේ දිනයේ රුපියල් 15,000ක මුදලක් රැගෙන ගොස් ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ තම ජාවාරම සිදුකරගෙන යෑමට ඉඩදෙන ලෙසයි.

එම අවස්ථාවේදී මාලිම්බඩ පොලිසිය තුලදීම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාලිම්බඩ පොලිසියේ ස්ථානාධිපති ජයවික්‍රම මහතාගේ උපදෙස් අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන අතර සැකකරු අද දිනයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!