Gossip

අම්මාව මරලා බිරිඳගේ අත්දෙකත් කපලා හිරේ ගිහින් නිදහස් වූ සැමියා නංගිට පිහියෙන් ඇනලා බෙල්ලේ වැලදාගෙන

සැමියා විසින් සිය මව මරා දමා තමන්ගෙද අත් දෙක කපා දැමීම නිසා අසරණ වූ කාන්තාවක්‌ විසින් තමන්ට සිදු වූ අසාධාරණයට පොලිසිය විසින් සාධාරණ විසඳුමක්‌ ලබා නොදීමට එරෙහිව එම කාන්තාව තමන්ට සාධාරණය ඉටු කර දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරවයාට පැමිණිලි කර තිබෙනවා.

තිස්‌ දෙහැවිරිදි ඩී. එම්. එස්‌. නිසංසලා නමැති මෙම කාන්තාව අනුරාධපුර අනුකටියාව පාර පරසන්ගස්‌වැව පදිංචිකාරියක්.

ඇය එක්‌ දරු මවක්‌ වන අතර සිදු වූ විපතින් පසු ඇයගේ දොළොස්‌ හැවිරිදි පුතා මහණ තිබෙන බවයි වාර්තා වන්නේ.

ඇය මේ ගැන මාධ්‍යයට කියා ඇත්තේ මෙලෙසින්.

බීමත් සැමියා විසින් 2014 වසරේදී මගේ අම්මා මරලා මගේ අත් දෙක කපා දැමීමෙන් පසු අපි අසරණ වුණා. මගේ නංගි තමා මාව රැක බලාගෙන ඉන්නේ. සැමියා පොලිස්‌ අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරගත වුණා. මේ කාලය තුළ ජීවත් වීම සඳහා තිබුණ දේවල් විකුණා නැඟණිය සමඟ ආදායම් මාර්ගයක්‌ සකසා ගැනීමට සිතා ත්‍රිරෝද රථයක්‌ මිලට ගෙන සුලු වෙළෙඳාමක්‌ කරගෙන ගියා. මේ අතරතුර මීට මාස දෙකකට පමණ පෙර සැමියා ඇප ලබා පැමිණීම නිසා ඔහු යළි බීමත්ව පැමිණ අපි මරා දමයි යන සැකය නිසා අපි නිවස වසා දමා තැන තැන සැඟවී ජීවත් වුණා. එක්‌ දවසක්‌ ඔහු මගේ නංගිට බෙල්ලට කෙටුව. නංගි දෙයියෝ බේරලා දුන්නේ. අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර කරලා ඇය දැන් ටිකට්‌ කපාගෙන ආවා. මේ සිද්ධියෙන් පස්‌සේ සැමියා ගෙල වැළලා ගෙන මැරුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!