Gossip

අද උදේ මහවැව සිදුවූ බස් රථ අනතුරෙන් 4ක් ජීවිතයට සමුදෙයි – තුවාල ලැබූ 19 අතර යුද සහ නාවික නිළධාරීන් – අනතුරේ ඔබ නොදුටු ඡායාරූප මෙන්න

අද (18) අළුයම මහවැව දී සිදු වු බස් රථ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පිරිමි පුද්ගලයින් 16 ක් හා කාන්තාවන් 3ක් ඇතුළුව 19දෙනෙකුට බරපතළ තුවාල සිදුව ඇති බවට වාර්තා වනවා.

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු පුද්ගලික බස් රථයක් ,අධික වේගය නිසා රියදුරුට පාලනය කරගත නොහැකිව, හලාවත පුත්තලම ප්‍රධාන මාර්ගයේ දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි ට්‍රාන්ස්පෝමරයක ගැටීමෙන් අනතුර සිදුවුණා.

මියගිය පිරිසෙන් තිදෙනෙකු පිරිමි පුද්ගලයන් වන බවත් මොවුන් ආරක්ෂක අංශවල සාමාජීකයින් දැයි සැකයක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

අනතුරින් තුවාල ලැබු 19දෙනා අතර ද යුද හමුදා නිලධාරින් තිදෙනෙකු ද නාවික හමුදා නිලධාරියෙක්ද එක් සාමාජීකයකුද සිටින බවට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුරින් බස් රථයේ ඉදිරිපස දැඩි ලෙස හානි සිදුවී ඇති බවත් ජිවිතක්ෂට පත් වු පිරිස බස් රථය තුළම සිරවී ඇති බව වාර්තා වනවා.

මේ සමාජජාල මාධ්‍යයන්වල හුවමාරු වූ එම අනතුරේ ඡායාරූප කිහිපයක්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!