Gossip

“ඒකයි අපි කල් නොයවා විවාහ ගිවිස ගැනීම සිදුකළේ ” – දෙවන මනාල මනාලියන් එකතු කරගෙන ධනංජි ගත්ත විවාහ ගිවිසගැනීම ගැන ඇය කියපු කතාව

ධනංජිගේ ජීවිතේ විශේෂ වෙනසක් සිදු වුණා නේද?
ඔව්. මම විවාහ ගිවිස ගත්තා. අපේ ආදර කතාවට අවුරුදු එකහමාරක් ගත වෙද්දී පවුල් දෙකේම සම්බන්ධය තවත් ගොඩනඟන්න අපේ විවාහ ගිවිස ගැනීම කරන්න හිතුවා. පෙබරවාරි 14 වැනිදා අපේ ගමේදී තමයි අපේ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වූවේ.

ආදරවන්තයන්ගේ දිනයේ විවාහ ගිවිස ගැනීම සිදු කරන්න විශේෂ හේතුවක් තිබුණද?
අපේ විවාහ ගිවිස ගැනීම විශේෂ දවසක සිද්ධ වෙනවා නම් හොඳයි කියලත් හිතුවා. අපි මුලින්ම ජනවාරි මාසේ තමයි අපේ විවාහ ගිවිස ගැනීම සිදුකරන්න හිටියේ. ඒත් මගේ රූගත කිරීම් එක්ක දින ගැටලුවක් ආවා. අපේ හඳහන් බැලුවම පෙබරවාරි 14 සුබ වෙලාවක් තිබ්බා. ඉතින් මේ හැමදේම ගැන හිතලා තමයි පෙබරවාරි 14 වැනිදා විවාහ ගිවිස ගැනීම සිදු කළේ.

සාමාන්‍යයෙන් විවාහ ගිවිස ගැනීමකට දෙවැනි මනමාලයන් මනමාලියන් යොදා ගන්නේ නැති තරම්. හැබැයි ඔබේ විවාහ ගිවිස ගැනීමේදී නම් දෙවැනි මනාල මනාලියන් දකින්න ලැබුණා?
ඔව්. මගේ විවාහ ගිවිස ගැනීමේදී වෙනසක් කරන්න ඕනේ කියලා හිතුවා. හොඳම යාළුවෝ යෙහෙළියෝ එකතු කරගෙන මගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය තවත් ලස්සන කරගන්න උත්සාහ කළා. රුක්ෂානා, පබසරා, ධනංජනා, සූර්යා, ඉමේෂාන්, චතුරංග, ඉසුරු තමයි දෙවැනි මනාල මනාලියන් ලෙස හිටියේ.

ධනංජි බලාපොරොත්තු වුණු විදියටම ජීවිතේ ඒ විශේෂ දවස සැලසුම් කරගන්න පුළුවන් වුණාද?
ඔව්. මම බලාපොරොත්තු වුණ විදියටම හැමදේම ඉෂ්ට කරගත්තා. මම මේ වෙලාවෙ මතක් කරන්නම ඕන කෙනෙක් ඉන්නවා. මම අවුරුදු දහසයේ ඉඳන් හැඩ ගැන් වුණේ මිෂෙල් වැන්ලන්ගන්බර්ග් අක්කා අතින්. ඉතින් මම මගේ වෙඩින් එකත් කවදාහරි කරන්න දෙන්නේ එයාට කියලා හිතුවා. මගේ විවාහ ගිවිස ගැනීමේදී සියලුම වියදම් දරලා හැමෝම හැඩ ගැන්වූවේ ඇය. අපි සියලු දෙනාව ඇය ලස්සනට හැඩගන්වලා තිබුණා. ඇත්තටම මේ වෙලාවේ ඇයටත් මම ස්තූතිවන්ත වෙනවා.

ධනංජිගේ ජීවිතයට එකතු වුණ වාසනාවන්තයා කවුද කියලත් දැන් කියමු?
එයාගේ නම සුදම් දෙව්නක වීරනායක. එයා බිස්නස් කරන්නේ.

ධනංජිට සුදම්ව මුණගැහුණේ කොහොමද?
මම සුදම්ව අවුරුදු තුනක විතර ඉදලා දන්නවා. ටෙලි නාට්‍යක් රූගත කිරීම් කරන කාලේ අසිරි රණසිංහ අධ්‍යක්ෂවරිය මාර්ගයෙන් තමයි මට සුදම්ව මුණගැහුණේ. රූගත කිරීම් තිබ්බේ සුදම්ලාගේ ගෙවල් ළඟ. අපි ඒ කාලේ හොඳ යාළුවෝ විදියට ආශ්‍රය කළා. ඒ කාලේ එයාලගේ පවුලේ අය අපේ අම්මා මුණගැහෙනවා. ෂූටින් යන අතර යාළුවෝ නිසා අපි එයාලගේ ගෙදර යනවා. ඔහොම කාලයක් ඉඳලා එම ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු ආයෙත් කාලෙකට පස්සේ පටන් ගනිද්දි අපේ යාළුකම තවත් දුර ගියා. සුදම් එම ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා.

එතකොට ආදර සම්බන්ධය පටන් ගත්තේ කොයි කාලෙද?
අපි දෙන්නා යාළුවෝ විදියට ආශ්‍රය කරද්දී අපි අතර විශේෂත්වයක් තිබුණා. එයා මට කතා කරද්දී වුණත් විශේෂ සැලකිල්ලක් තිබුණා. මමත් එයාට එහෙමයි. අපේ හිතේ ආදරයක් තිබ්බට අපි යාළුවෝ නිසා කසාද බඳින තැන වෙනකල් හිතුවේ නැහැ. අපි ඒ දේවල් හිතන්න කලින් අපේ අම්මලා අපි දෙන්නා ගැළපෙනවා කියලා හිතලා විවාහය ගැන යෝජනාවක් කළා. දැන් අපේ ආදර කතාවට අවුරුදු එකහමාරක් විතර වෙනවා. අපිටත් අපිව ගැළපෙනවා කියලා හිතුණා. ඒකයි අපි කල් නොයවා විවාහ ගිවිස ගැනීම සිදු කරන්න හිතුවේ.

සුදම්ව ජීවන සහකරුවා විදියට තෝරා ගන්න විශේෂ කාරණාවක් තිබුණද?
ඇත්තටම සුදම් කියන්නේ බොහොම නිවිච්ච, බොහෝ තැන්වලදි ඉවසන, ඒ වගේම තැන්පත් කෙනෙක්. හැබැයි එයත් මම වගේම දඟකාර කෙනෙක්. මටත් ඕණ වුණේ මම වගේම දඟකාර, කටකාර මම වගේම පිස්සු නටන කෙනෙක්ව. එයාව යාළුවෙක් විදියට ආශ්‍රය කරද්දිත් පෙම්වතෙක් විදියට ආශ්‍රය කරද්දිත් කිසිම වෙනසක් තිබුණේ නෑ. එයා හොඳ තේරුම් ගැනීමක් එක්ක වැඩ කරන කෙනෙක්. ඉතින් මම හිතුවා එයා තමයි මට ගැළපෙනම කෙනා කියලා.

හරිම කාලේ විවාහය ගැන තීරණය ගත්තා කියලා හිතෙනවාද?
ඔව්. දැන් වයසත් හරි. හරිම කාලේ විවාහය ගැන හරිම තීරණය ගත්තා කියලා හිතනවා.

විවාහ වුණා කියලා ධනංජි රංගනය අතහරින එකක් නැද්ද?
සුදම් කියන්නේ මාව හොදටම අවබෝධ කරගත්ත කෙනෙක්. එයා කවදාවත්ම මට රංගන ක්ෂේත්‍රයේ වැඩ කරන්න එපා කියන්නේ නෑ. මට ඕන වුණෙත් රංගන කටයුතුවලට නිදහස දෙන කෙනෙක්ව. සුදම් මට මගේ වෘත්තීයමය ජීවිතයට උපරිම නිදහස දීලා තියෙනවා. මට කැමැති විදියට රංගන කටයුතු තෝරගෙන කරන්න මට ඉඩ ලැබිලා තියෙනවා.

අවසන් ඉනිම නාට්‍යයෙන් පස්සේ සුදම් රංගනයට එකතු වුණේ නැද්ද?
එයාට නිර්මාණවලට ආරාධනා ලැබුණා. ගොඩක් අය එයාගේ පෙනුමත් එක්ක අහන්නේ එයා නිරූපණ කටයුතු කරනවද කියලා. ඒත් එයා ඒවට සම්බන්ධ වුණේ නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩවලටත් දැන් එයාට ආරාධනා ලැබෙනවා. එයාගේ ව්‍යාපාර කටයුතුත් එක්ක සමබර කරගෙන කරන්න පුළුවන් නම් නිරූපණ කටයුතුවලට සම්බන්ධ වෙන්න මම එයාට නිදහස දීලා තියෙන්නේ. සමහර විට එයා ඉදිරියේදී නිරූපණ කටයුතුවලට එකතු වෙයි. ටෙලිනාට්‍ය රංගනයට නම් එයාගේ ඒ තරම් කැමැත්තක් නැහැ.

මොනවද ඉදිරි සැලසුම්?
හොඳ පවුල් ජීවිතයක් ගත කරන එක තමයි මගේ හීනය. හොඳ පවුල් ජීවිතයක් ගත කරන ගමන් කලා කටයුතුවලටත් සම්බන්ධ වෙලා හොඳ ගමනක් යන්න තමයි බලාපොරොත්තුව.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!