Gossip

අත්අඩංගුවට ගත් සිසේරියන් සැත්කම් කෙරූ වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන්ගේ කොංග්‍රසයේ සාමාජිකයෙක් – මහමැතිවරණයට එජාපයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක්

සැකකහිත ආකාරයට වත්කම් උපයාගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වෛද්‍යවරයාගේ වත්කම් පිළිබඳව පරීක්ෂා කර බැලීම සඳහා සහ වත්කම් ලැබු ආකාරය සොයා බැලීම සඳහා ඊයේ (24) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකරන වෛද්‍යවරයෙකුයි.

වයස අවුරුදු 42ක් වන මෙම වෛද්‍යවරයා වීරසිංහ මාවත, නුවර පාර, කුරුණෑගල ලිපිනයේ පදිංචි සෙයිගු සෙයාබදීන් මොහොමඩ් නැමැති අයෙක්.

මෙම වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු වන අතර ඉකුත් මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ අංක 18න් තරග කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!