Gossip

“කැමරාව ඉදිරියේ ගණිකාවක් වෙන්න මම ලජ්ජා වෙන්නේ නැහැ” – යුරේනි නොෂිකා

සමාජ ජාල වෙබ් අඩවිවල නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන චරිත කිහිපයක්ම ඉන්නවා. ඒ අතරින් යුරේනි නොෂිකා මුලින්ම ඉන්න රංගන ශිල්පිණියක් හැටියට හඳුන්වන්න පුළුවන්. මේ ඇය සමග කළ කතාබහක්.

පුංචි තිරය එපා වෙලාද යුරේනිව දකින්නවත් නැත්තේ?

පුංචි තිරය නම් එපා වෙලා නැහැ. ඒත් හොඳ නිර්මාණ බිහි වෙනවා අඩුයි. හොදම චරිතයකට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවා. නමුත් කොටස් පනහක් විතර තියන ටෙලි නාට්‍ය විතරයි.

මෙගාවලින් ජනප්‍රිය වුණ යුරේනිට දැන් මෙගා අරහන් වෙලාද?

දැන් නිර්මාණය වෙන මෙගා ගැන මම සතුටු වෙන්නේ නැහැ. ඒවා නිර්මාණාත්මක නැහැනේ. මම කැමති නැහැ මාව එකම විදිහට දකින්න. මට ඕන වෙනස්ම චරිත වලින් මේ ක්‍ෂෙත්‍රයේ රැඳෙන්න. මම උත්සහා කරන්නේ නිතරම හොඳ දෙයක් කරන්නයි. ඉතින් අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

ඕනෑම චරිතයක් රඟපාන්න පුළුවන් මානසික මට්ටමක්ද ඔබට තියෙන්නේ. කැමරාව ඉදිරියේ යුරේනිට ගණිකාවක් වෙන්න කිව්වොත්?

යථාර්ථය මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕන. සාමාන්‍ය ජිවිත ගත කරන මිනිස්සුන්ගේ ජිවිත තමයි අපි කැමරාව ඉදිරියට ගේන්නේ. ඒකනේ නිළිකම කියන්නේ. නිළියක් නළුවෙක් විදිහට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න බැරි නම් වැඩකුත් නැහැ. මම නම් භය නැතිව ඒ චරිතය භාර ගන්නවා. ලජ්ජවෙන්නෙත් නැහැ .නමුත් මම විශේෂයෙන්ම අධ්‍යක්ෂක කව්ද කියලා බලනවා. මම රඟපෑවට වැඩක් නැහැ. අධ්‍යක්ෂකගේ අධ්‍යක්ෂණය හොඳ නැති නම්.

අඩනිරුවත් වෙන්නේ නැහැ කිව්වට යුරේනි බොහෝ වෙලාවට අඩනිරුවත් වෙනවා නේද..ජනප්‍රියත්වය වැඩි කරගන්නද එහෙම කරන්නේ?

ලංකාවේ අඩනිරුවතින් නිර්මාණවලට ඉන්න බැහැනේ. ලංකාවේ ඉන්නේ තවමත් ගල් යුගයේ ජිවත් වෙන මිනිස්සු. මොන දේ කරත් වැරදියට පෙන්නේ. හොඳ මානසිකත්වයකින් බලන්න අපේ මිනිස්සු දන්නේ නැහැ. පිටරටවල්වල එහෙම නැහැ. ඒ නිසා මොන දේ කරන්නත් කලින් දෙපාරක් හිතන්න ඕන. මම අඩනිරුවත් වෙන්නේ ජනප්‍රියත්වය බලාගෙන නෙමෙයි.

යුරේනි ශරීරය බාගයක් ඇරෙන්න විලාසිතා කරන කෙනෙක් නේද?

මම කැමති විලාසිතා මම කරනවා. මගේ ශරීරයට ගැලපෙනවා නම් කව්රු මොනවා කිව්වත් මට අදාළ වෙන්නේ නැහැ. මට ලස්සනයි නම් මම අඳිනවා. ඒක වෙන කෙනෙක්ට අපහසුවක් වෙන්න විදිහක් නැහැනේ.

චිත්‍රපටිවලට සම්බන්ධ වෙන්නෙත් නැද්ද?

මම රඟපෑව චිත්‍රපටි දෙකක් ලඟදීම විකාශය වෙනවා.

ආදරේ කරන්න පෙම්වතෙක් ඉන්නවා කියන්නේ ඇත්තද?

තවම මම තනිකඩයි. පෙම්වතෙක් නැහැ පෙම්වතියක් වෙන්න.

මේ වෙනකොට කීදෙනෙක්ට ආදරේ කරලා තියනවද?

එක්කෙනෙකුට ආදරේ කරන්න මම නම් ඉන්නේ ගල් යුගයක නෙමෙයි. මම කිහිප දෙනෙකුට ආදරේ කරලා තියනවා. නොගැලපීම් නිසා වෙන් වුණා.

විවාහය ගැන හිතන්නෙත් නැද්ද?

මගේ දෛවයේ ලියැවුණු කෙනා එනකල් ඉන්නවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!