Gossip

“ඇස් ඉදිමිලා තිබුණේ. පුතේ මොකද කියල මං ඇහුවා“මියගිය තරුණයා ගැන ශෂී වීරවංශ කියන කතාව

CVR

විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ හෝකන්දර පිහිටි නිවසින් මියගිය තරුණයෙකුගේ මළ සිරුරක්  පසුගිය දා සොයාගත්තා.

මෙලෙස මියගොස් ඇත්තේ වීරවංශ මන්ත්‍රීවරයාගේ පුතුගේ මිතුරෙකු බව පැවසෙන ලහිරු දිසානායක නැමැති 24 හැවිරිදි තරුණයෙකි.

නිතර මන්ත්‍රීවරයාගේ නිවසට ආ ගිය බව පැවසෙන එම තරුණයා ඊයේ රාත්‍රීයේද මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ නවාතැන්ගෙන ඇත.

කෙසේ වුවද   ඊට පසුදින එම තරුණයා අවදී වී නොමැති අතර ඉන් අනතුරුව  එම තරුණයා   ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමටද ශෂී වීරවංශ මහත්මිය කටයුතු කර ඇති අතර ඒ වන විටත් ඔහු  මියගොස් සිටි බව  සඳහන්ය.

ඒ අනූව මේ සම්බන්ධයෙන් තලංගම පොලීසියට ලැබුණු පැමිණිල්ලකට අනූව වීරවංශ මන්ත්‍රීවරයාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ද පොලීසිය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්  සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇය ප්‍රකාශ කර සිටියේ මෙවන් දෙයකි.

“ඊයේ රෑත් ආවා. ඇවිල්ල ගෙදරත් ගිහින් කාලා ආපහු ඇවිත් ආන්ටි මං යන්නද කියල ඇහුවා.. ඇස් ඉදිමිලා තිබුනේ. පුතේ මොකද කියල මං ඇහුවාම කිව්වා නිදිමර  කියලා. ඊට පස්සෙ ඔක්කොමල්ලා මට වැඳල උඩට ගියා.ඒ ගොල්ලො මූවි එකක් බලල නිදාගෙන මං උදේ තමයි දන්නෙ.

පස්සෙ මගෙ පුතා දුවගෙන ඇවිල්ල කිව්වා අම්මා ළහිරු අයියා නැගිටින්නෙ නෑ කියලා.ඊට පස්සෙ මං කිව්වා පිස්සුද එහෙම වෙන්නෙ කොහොමද කියලා.ඊට පස්සෙ කිව්වා නෑ අම්මා බලන්නකො විහිළුවක් නෙමේ කියලා. මං කිව්වා රූපිකා එන්න පුතා නැගිටින්නෙ නෑ කියනව කියලා. ඊට පස්සෙ මං රූපිකා ආවම රූපිකාත් එක්ක උඩට දුවන කොට මෙයා අඩනවා අනේ තාත්තත් ඔහොමමයි පුතේ නැතිවුනේ කියලා. මගේ ළමයට මොනවහරි වෙලා මෙයාගෙ තාත්තත් ඔහොමමයි නැතිවුනේ එක්කන් යං එක්කං යං කිව්වා.පස්සෙ ඩ්‍රයිවර් කෙනෙක් හිටියෙ නෑ මංම තමයි දාගෙන හොස්පිටල් එකට ආවෙ.“

මෙම මරණය ගැන මියගිය තරුණයාගේ මව කියා සිටියේ මෙවැන්නකි.

“දන්නෑ පොලිස් මෝටම් එකෙන් තමයි තීරණය වෙන්නෙ මගේ දරුවට මොකද වුනේ කියලා.මගේ දරුව හොඳට ගෙදරින් ගියා එච්චරයි මට කියන්න තියෙන්නෙ.මට දැන් ළමය නැතිවෙච්ච එක විතරයි වුනේ.“

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!