Gossip

Toyota මෝටර් රථ ලක්ෂ 58ක් යළි කැඳවයි – ලංකාවටත් බලපායිද?

ටොයොටා මෝටර් රථ ලක්ෂ 58ක් යළි කැඳවීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

ඒවා 2000 වසරේ මැයි සිට 2014 වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ නිෂ්පාදිත රථ බවයි වාර්තා වෙයි.

2010-2011 Toyota 4Runner, 2003-2011 Toyota Corolla, 2003-2008 Toyota Corolla Matrix, 2009-2011 Toyota Matrix, 2004-2005 Toyota Rav4,2011 Toyota Sienna,2002-2007 Toyota Sequoia, 2003-2006 Toyota Tundra, 2006-2011 Toyota Yaris යන වාහන මෙලෙස යළි කැඳවා ඇති බව වාර්තාවෙයි.

ජපානයේ ටකාටා සමාගමේ නිෂ්පාදිත බැලූනවල පොම්පය පුපුරා යාම නිසා යළි කැඳවීම සිදුකර ඇති අතර මෙවැනි දෝෂ මතු වූ ප්‍රථම අවස්ථාව මෙය  නොවන බවද විදේශ පුවත් පෙන්වා දෙයි.

යුරෝපය, ජපානය සහ චීනය ආශ්‍රිතව අලෙවි වී ඇති  අදාළ වාහන මෙලෙස කැඳවා තිබෙනවා.

CVR

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!