හොලිවුඩ්

මාස 19ක් ISIS කට්ටියගේ ලිංගික හිංසනයන් විදවපු තරුණියක් පැන ඇවිත් බය නැතිව කියන කතාව

 

 

cvr

 

ISIS සටන්කාමීන් ලෝකයේ ධනවත් රටවල්වලට විතරක් නෙමේ අහිංසක ජීවිතවලටත් ලොකු කරදරයක් බවට පත්වෙලා තියෙනවා.

අරමුණක් කියලා ISIS සටන්කාමීන් කරන අපාගත වෙන වැඩක් ගැනයි මේ කියන්නේ අපි.

ISIS සටන්කාමීන්ගේ ලිංගික ආශාවන් ඉටුකර ගැනීම සඳහා අවුරු 18ත් 20ත් අතර තරුණියන් පැහැරගෙන යන එක ඔහුන්ට පුරුද්දක් වෙලා. ඒ විදියට පැහැරගෙන යන ගොඩක් තරුණියන් නැවත එන්නේ නැහැ. එක්කෝ එයාලා මැරෙනවා නැත්නම් මරනවා.

හැබැයි අවුරුදු 18ක් වයස යෂිදි ISIS සටන්කාමීන්ගේන් ගැලවිලා එන්න සමත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇය පැනලා ඇවිත්.

ඇය කියනවා ISIS කට්ටිය තමන්ව මාස 19ක් ලිංගික වහලියක් විදියට පාවිච්චි කළා කියලා. ඇයව තුන් පාරක් ඉරාකයට සහ සිරියාවට විකුණලා තියෙනවා.

අන්තිම මාසේ තුනේ ඇය ඉඳලා තියෙන්නේ ISIS වෙනුවෙන් කාර් බෝම්බ හදන මිනිහෙක් ගාව. ඒ නරුම මනුස්සයා ඇයට සතෙකුටත් අන්තවිදියට සලකලා තියෙනවා. විවිධ ලිංගික අපරාධ ඇයට සිදුකරලා තියෙනවා. සමහර අවස්ථාවල මේ පුද්ගලයා බෝම්බ හදලා ඒක පරික්ෂා කරන්න ඇයව භාවිතා කරලා තියෙනවලු.

තුන් පාරක් පැනලා යන්න උත්සහ කළ මේ තරුණිය අවසන් වතාවට හිටිය මනුස්සයාගේ ගෙදරින් පැනලා ඇවිත් තියෙන්නේ.

කොච්චර දුක් විඳලා තියෙනවද කියනවා නම් මේ තරුණියට ඇයගේ දකුණු ඇහැත් අහිමි වෙලා තියෙනවා.

ලෝකෙම දැන් බලන් ඉන්නේ මේ තරුණිය දිහා. මොකද ඇයට වුණු අපරාධය ගැන ඇය නිර්භයව ලෝකෙටම කියන නිසා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!