තරු හුට පට

චන්ද්‍රකාන්ති පාෂණයෙන් තැනූ බුද්ධ ශීර්ෂය – දැක්කොත් ඔබ පුදුමවේවි (වීඩියෝ)

budhdha

 

කොළඹ- කතරගම මාරගයේ තිස්ස දෙඹරවැව අතර  පිහිටා ඇති යටාල රජමහා විහාරය කතරගම යන කවුරුත් දැකලා ඇති.

හැබැයි එම විහාරස්ථානයට ගොඩ වෙලා  තමන්ගේ ගමනාන්තය වෙත යන පිරිස සිටිනනේ කීයෙන් කී දෙනාද?

එහෙම නිකමකටවත්  යටාල විහාරස්ථානය වෙත ගොඩ වෙන්නේ නැතුව යනවා ඇත්තේ ඇතැම් විට එම විහාරස්ථානයේ   ඓතිහාසික වටිනාකම ගොඩක් දුරට නොදන්නා නිසා වෙන්න ඇති.

කොහොම හරි ඒ විහාරස්ථානයට ගොඩ වෙලා යන පිරිස නම් දන්නා  යටාල විහාරස්ථානයේ ඇති ඓතිහාසික වටිනාකම මොකක්ද කියලා. මේ විහාරස්ථානයේ තමයි  ක්‍රි.පූ 8 වන සියවසේ පමණ නිර්මාණය කරන ලද  ඉතා දුර්ලභ වටිනාකමින් යුතු බුද්ධ ශීර්ෂය තියෙන්නේ.

ලංකාවේ මෙතෙක් හමුවී ඇති චන්ද්‍රකාන්ත   පාෂණයෙන් නිර්මාණය කරන ලද  එම බුද්ධ ශිර්ෂය මෙයවෙයි. ඒ නිසාම රටවල් 11ක මේ වන විට මෙම ප්‍රතිමාව ප්‍රදර්ශනය සඳහා පමණක්ම යොදවාගෙන තිබෙන බවට වාර්තාවෙනවා.

මෙම ප්‍රතිමාව චන්ද්‍රකාන්ති  පාෂාණයෙන් නිර්මාණය කර ඇති නිසාම  කාලයක්  සොරුන් විසින් සොරකම් කර පසුව සොයාගෙන  තිබෙනවා.  ලංකාවේ මෙතෙක හමුවී තිබෙන දෙ ඇස්,  මුව යන සියල්ල සමමිතික ලක්ෂණ  අනුව  පැහැදිලිව  පෙන්නුම් කරන බුද්ඹ ශිර්ෂයක්  හැටියටයි මෙය හඳුන්වන්නේ.

මෙම බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙන සිටියදී මිනිසුන්ගේ සිත් පහන් කරන සුළුය. ඒ වගේම මෙම ප්‍රතිමාවේ  දෙඇස් මැණික් ඔබ්බවා  නිර්මාණය කර තිබෙනවා.

සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න – http://goo.gl/uc8mbi

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!