හොලිවුඩ්

පෘථීවියේ ඇති ජල ප්‍රමාණය කොච්චරද කියලා දන්නවාද?

පෘථිවියේ මුළු භූගත ජල ප්‍රමාණය ඝන කිලෝමීටර මිලියන විසි තුනක් බවට ගණන් බලා තිබේ.

මෙම ජල ප්‍රමාණය කෙතරම් ද යත්, භූගත මුළු ජල ප්‍රමාණය පොළොව මතු පිටට ගතහොත් මීටර 180 ක් පමණ ගැඹුරින් යුත් ජල තට්ටුවකින් මුළු පොළෝ තලයම වැසී යනු ඇත.

නමුත් මෙතරම් විශාල ජල ප්‍රමාණයක් පෘථිවිය සතුව පැවතියත් මිනිසාට ප්‍රයෝජනයට ගත හැක්කේ ඉන් සියයට හයක් වැනි ස්වල්ප ප්‍රමාණයකි.

ගංගා සහ වැව් වැනි ජලාශවලට සැපයෙන්නේ ද පොළොව මතු පිට ආසන්නයේ පවතින මෙම ස්වල්ප ජල ධාරිතාවයි.

මෙම ප්‍රමාණය පරිසර දූෂණයට සහ කාලගුණ විපර්යාසයන්ට බොහෝ සංවේදී වන බැවින් එය රැක ගැනීම සඳහා මනා කළමනාකාරිත්වයකින් යුතුව කටයුතු කළ යුතු බවයි විද්‍යාඥයන් පවසන්නේ.

මෙම ගණන් බැලීම සිදු කර ඇත්තේ කැනේඩියානු පර්යේෂණ කණ්ඩායමක් විසිනි.

3 1 2

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!