Gossip

කාන්තා සිරුර

කාන්තාවන් උපතින්ම සියුමැලියි. මේ නිසා අනතුරු සිදුවීමටද වැඩි ඉඩක් පවතිනවා. මාංස පේශීන් වල ශක්තිය පවත්වාගෙන යාම ගැන ඔවුන් උනන්දු විය යුතුයි. උසට සරිලන බරක් පවත්වාගෙන නොයාමත්, අවශ්‍ය තරමට වඩා ව්‍යායාම කිරීමත්, කී‍්‍රඩා කිරීමත් ඔවුන්ගේ ඔසප් චක‍්‍රයට දැඩි බලපෑම් එල්ල කරනවා.කාන්තාවන්ගේ උකුළ පළල් ය, මෙහි ප‍්‍රතිඵලය දණහිස් අනතුරු වැඩිවීමයි. හෝර්මෝන වෙනස නිසා කාන්තාවන්ගේ අස්ථි බන්ධන මොළ කැටි අතර ඉන් අනතුරු ඇතිවීමේ ප‍්‍රවණතාවය ඉහළ යයි.

ගැබිනි සමයේ කාන්තා සිරුරේ බන්ධන ළිහිල් වීම මේ කාලයේදී වැඩියි. පා, වළලුකර ඉදිමෙයි. අනවශ්‍ය අන්දමින් බර වැඩිවීම නිසා සිරුරේ හැඩය සම්පූර්ණයෙන් වෙනස්වෙයි. කොන්දට බලපෑම් එල්ල වෙනවාක් මෙන් වේදනාවක්ද ඇතිවේ. මවක වූ පසුත් කී‍්‍රඩාවල නිරත වෙනවා නම් නිවැරැදි පාවහන් තෝරා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. අඩි උස පාවහන් දැමීමෙන් වැළකී සිටිය යුතුයි. දැඩිලෙස වෙහෙස වෙමින් කී‍්‍රඩාවෙහි නිරත වන විට, ළාබාල යොවුන් වියේදී පවා මුත‍්‍රා පිටවීමක් සිදුවිය හැකියි. මෙවැනි තත්ත්වයක් ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. කී‍්‍රඩාවන් අතර පවතින දුර්වලතා ති‍්‍රත්වයක් ලෙස අක‍්‍රමවත් ලෙස ආහාර ගැනීම (බර අඩුවීම ද මීට ඇතුළත්ය), ඔසප් නොවීම/අක‍්‍රමවත්වීම හා ඔස්ටියෝපොරෝසිස් හඳුන්වන්න පුළුවන්. මෙම දුර්වලතා ක්‍ෂීණවිමට, මුහුණපායි.පර්යේෂණවලින් හෙළි වී ඇති අන්දමට කී‍්‍රඩිකාවන්ගෙන් 15%, 62 % ක් ආහාර අක‍්‍රමිකතාවලින් පීඩා විඳියි.

ඔසප් නොවීම කී‍්‍රඩිකාවන් අතර සුලබ ගැටලුවකි. ඊස්ට‍්‍රජන් ම්ට්ටම අඩුවීම නිසා මෙසේ සිදුවෙයි. මෙය අස්ථි ක්‍ෂීණවීමටත් හෘද රෝග වැළඳීමේ ඉඩ කඩ වැඩි කිරීමටත් හේතුවෙයි. මේ ආකාරයේ ප‍්‍රජනක පදිධතියේ අක‍්‍රමවත් ස්වභාවයක් තිබීම නිසා ඇතැම් කී‍්‍රඩිකාවන් නිසරු බවටත් ගොදුරුවෙයි. බර වැඩිවේවියි යනුවෙන් පවතින බිය නිසා තනිවම නිතර ආහාර ගැනීමට පෙළඹේ. කෑම කන අතර තුරේ, කෑම කෑ පසු වැසිකිළි යයි. සෙමින් වමනය කරයි. මීට අමතරව රක්තහීනතාවය, පීඩනය නිසා ඇතිවන අස්ථි බිඳීම්, විෂාදය, චිත්ත ඒකාග‍්‍රතාවය අඩුවීම, මළ බද්ධය, වියළි සම, පැටොයිඩ් ග‍්‍රන්ථිය විශාල වීම (කන් ආසන්නව ඇති), අසාමාන්‍ය ලෙස ශරීර උෂ්ණත්වය අඩුවීම, අධික වෙහෙස එම රෝගීී තත්ත්වය ඇති විට, හට ගන්නා අනෙකුත් ලක්‍ෂණයි.

කී‍්‍රඩා කිරීම ව්‍යායාම කිරීම මගින් ඔස්ටියෝපොරෝසීස් රෝගය වැළඳීම පමාකළ හැකි නමුත් ඉතා අධික ලෙස කී‍්‍රඩාවෙහි යෙදෙන කී‍්‍රඩිකාවන් රෝගයට ගොදුරුවිය හැකියි. නිසරු බවට පත්වීම හා බර අඩුවීම මේ කෙරෙහි තදින්ම බලපායි. එහෙත් කැල්සියම්, විටමින් ඩී, ඖෂධ, ෆ්ලෝරයිඩ් ආදිය වෛද්‍ය උපදෙස් මත ගැනීමෙන් නිරෝගී තත්ත්වයට පත්විය හැකියි. අස්ථි ධාරිතාවය කාන්තාවන්ට වඩා පිරිමින්ගේ 30% න් ඉහළය. සුදු ජාතිකයන්ට වඩා කළු ජාතිකයන්ගේ 10% න් ඉහළය. කාන්තාවන්ගේ ආර්තවය නතර වීමෙන් පසු අස්ථි ධාරිතාවය සීඝ‍්‍රයෙන් පහළ බසී.කී‍්‍රඩිකාවන්ට නිරෝගී අස්ථි පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා දිනකට කැල්සියම් මි. ග‍්‍රෑ 1, 000 ක් – 1, 500 ක් පමණ අවශ්‍ය වෙයි. විටමින් ‘ඩී’ කැල්සියම් උරා ගැනීමට අත්‍යාවශ්‍යයි. හිරු එළියෙන් අවශ්‍ය පමණ විටමින් ඩී ලැබෙනවා විටමින් ඩී අධිකව ගැනීම විෂ සහිතයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!