Gossip

“උඹ කුඩු ජාවාරමට සම්බන්ධනම් ඒකට දඬුවම් උඹ විඳින්නම ඕනේ. හැබැයි මට තියෙන ප්‍රශ්නය උඹ කෙහොමද ආදරණිය තාත්තා කෙනෙක් වෙලා පුතාත් එක්ක මේ වගේ තැනකට ගියේ කියන එක”

ඩුබායිහිදී පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද මාකඳුරේ මධුෂ් ඇතුළු කණ්ඩායම අතර ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු කලාකරුවන් පිරිසක්ද සිටීම නිසා අපේ රටේ හැමෝගේම පාහේ ඉහළ අවධානයක් එම සිදුවීම වෙතට යොමු වුණා. එම සිදුවීම සම්බන්ධයෙන් කලාකරුවන්ද විවිධ අදහස් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පළ කර තිබුණා. ඒ අතරින්, ජනප්‍රිය නිවේදකයකු සහ රංගන ශිල්පියෙකුද වන විශ්ව ලංකා සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ වීඩියෝවක් ගැන බොහෝ දෙනා කතා බහ කරන්නට පටන් ගත්තේ අමල් පෙරේරා ගැන බොහෝ අය නොදැන සිටි තොරතුරු ගොන්නක්ද විශ්ව ඒ හරහා හෙළි කර තිබූ නිසයි. එහි ඇතුළත්ව තිබූ කරුණු කාරණා සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධ මත පළ කරද්දී විශ්ව එම වීඩියෝව සිය ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරගෙන තිබුණා. එම වීඩියෝවෙන් ඔහු ප්‍රකාශ කර තිබුණේ මෙවැන්නක්.

“අමල් අයියා ගැන ඔබ නොදන්නා කතාවක් කියන්නයි මම මේ සූදානම් වෙන්නේ.

අමල් අයියා ඉන්නේ කළුතර. කළුතර ඉන්න අමල් අයියා යනවා මහරගමට. අමල් අයියා මහරගමට එන්නේ දුවගේ අසනීපය නිසා. මොකද මහරගම පිළිකා රෝහ‍ලේ දුව නේවාසිකව ප්‍රතිකාර ලබනවා සෑහෙන කාලයක් තිස්සේ. ඊට පස්සේ කළුතර අත්හැරලා අමල් අයියා මහරගම නවතිනවා. අමල් අයියා මොනතරම් ආදර්ශමත් තාත්තා කෙනෙක්ද කියන එක ගොඩක් අය දන්නේ නැහැ.

මහරගම පිළිකා රෝහ‍ලේ පවත්වපු කිසිම ප්‍රසංගයකට අමල් අයියා සතයක්වත් ගත්තේ නැහැ. එහි සිටිනා රෝගීන් වෙනුවෙන් ඔහු මොනතරම් දේවල් කළාද කියන එක හුඟක් අය දන්නවා.

හැබැයි ලංකාවේ මිනිස්සු අද අමල් අයියාව කුඩුකාරයෙක් බවට පත් කරලා ඉවරයි. අමල් අයියේ… උඹ කුඩු ජාවාරමට සම්බන්ධනම් ඊට හිමිවිය යුතු දඬුවම් උඹ විඳින්නම ඕනේ. හැබැයි අමල් අයියේ මට තියෙන ප්‍රශ්නය උඹ කෙහොමද ඔච්චර ආදරණිය තාත්තා කෙනෙක් වෙලා පුතාත් එක්කරගෙන මේ වගේ තැනකට ගෙන ගියේ කියන එකයි. මට ඒක විශ්වාස කරන්න අමාරුයි. මොකද ඒ ආදරණීය තාත්තා කිසිම හේතුවක් මත තමන්ගේ පුතාව කුඩු ජාවාරමට සම්බන්ධ කර ගන්නේ නැති බව මම දන්නවා. අමල් අයියේ මට අද උඹට කියන්න තියෙන්නේ මෙච්චරයි. යම්කිසි දවසක උඹව නිදහස් වුණොත් උඹ ලංකාවට නම් ආයෙමත් එන්න එපා. මොකද උඹේ ගීත අහලා හිත සුවපත් කරගත් මිනිස්සුම අද උඹව කුඩුකාරයෙක් කරලයි තියෙන්නේ.”

දින කිහිපයක් තුළ මෙම විඩියෝවට ඉතා ඉහළ අවධානයක් යොමු වීමත් සමග එය අන්තර්ජාලයෙන් ඉවත් කළ විශ්ව ඒ වෙනුවට තවත් වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබුණා. මේ විශ්ව එහි දක්වා තිබූ අදහස් වලින් උපුටා ගත් කොටසක්.

“මේ දවස්වල හැමෝම දෝෂාරෝපණය කරන සහ සමහරු තර්ජනය පවා කරන චරිතයක් බවට මම පත්වෙලයි ඉන්නේ. ඒ මම අමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටියා කියන චෝදනාව මතයි. මම ඒ වීඩියෝව මුදාහැරියේ අමල් පෙරේරා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත් දවසට පහුවදායි.

ඒ වෙන කොටත් කිසිම තීන්දුවක් දීලා තිබුණේ නැහැ ඔවුන් වැරදිකරුවන් කියලා. නීතියෙන් තීරණයක් නොදී තියෙද්දී අපි කොහොමද තීරණය කරන්නේ ඔවුන් වැරදිකරුවන් කියලා.

මම පෙනී සිටියේ අමල් පෙරේරා කියන කලාකරුවා වෙනුවෙන් මිස කුඩු කාරයෙක් වෙනුවෙන් ‍නෙවෙයි.”

තමන් විසින් අන්තර්ජාලයට මුදා හරින ලද විඩියෝව සම්බන්ධයෙන් මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය ගැන විශ්ව මේ වන විට දරන අදහස මොනවගේදැයි විමසන්නත් අපි අමතක කළේ නැහැ.

“අමල් පෙරේරා මගේ හොඳ යාළුවෙක්. අමල් අයියා එක්ක එකට කාපු බිපු කලාකරුවන්ටත් අද ඔහු වෙනුවෙන් කතා කරන්න කොන්ද පණ නැති වුණාට ඔහු වෙනුවෙන් කතා කරන්න මගේ කොන්ද පණ තිබුණා.

ගොසිප් වබේ අඩවි, යූ ටියුබ් චැනල් සහ ෆේස්බුක් පිටු පවත්වාගෙන යන සමහරු වැරදි හෙඩ්ලයින් දාලා මගේ වීඩියෝවට වැරදි අර්ථකථන ලබාදීලා තිබුණා.

ඒ නිසා ඒක නරඹපු 75ක් විතර මට බැණලයි කමෙන්ට්ස් දාලා තිබුණේ. මගේ වීඩියෝවට ලබාදීලා තිබුණූ වැරදි අර්ථකථන නිසා, මට ආදරය කරන සමහරුත් ඒ දිහා වැරදි කෝණයකින් බලලා දාලා තිබුණු කමෙන්ට්ස් දැකලා නම් මගේ හිතට වේදනාවක් දැණුනා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!