Gossip

විමල්ගේ අභියෝගය හරීන් බාරගනියි

ජා.නි.පෙ. නායක විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කළ අභියෝගයන් ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් බාරගෙන තිබේ.

ඒ අනුව අද දෙරණ වාදපිටිය සමඟ මේ දෙදෙනා මුහුණට මුහුණ මුණ ගැසී තර්ක විතර්ක සිදුකිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය දිනක දෙරණ 360 කාලීන දේශපාලන වැඩසටහනට පැමිණි පාර්ලිමේන්තු  මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කියා සිටියේ  වර්තමාන ආණ්ඩුව විසින් කඩවත –  කෙරවලපිටිය මාර්ගයේ 9.32  ක් වූ ඉදිකිරීම සඳහා වියදම එක් කිලෝමීටරයකට රුපියල් බිලියන 7.3ක් වැය කරන බවයි.

අදාළ කාරණය සම්බන්ධයෙන් ඊට පසු දින දෙරණ වාද පිටිය කාලීන වැඩසටහනට පැමිණි ඌව පළාත් මහඇමති හරීන් ප්‍රනාන්දු මහතා එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ලදී.

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කියා සිටියේ අදාළ කාරණය සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකු සමඟ තර්ක කිරීමට තමන් සුදානම් බවයි.

එම අදාළ අභියෝගය ඌව පළාත් මහ ඇමති හරීන් ප්‍රනාන්දු මහතා විසින් බාරගෙන තිබුණි.

ඒ අනුව අද රාත්‍රියේ දෙරණ වාද පිටිය ඔස්සේ විමල් – හරීන් වාද පිටියට පැමිණීමට නියමිත අතර වාද පිටිය අද උණූසුම්කාරී ස්වරූපයක් ගන්නා බව නොරහසක් වනු ඇත.

 

22222222222

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!