Gossip

පියැඹීම මූලික අයිතියක් -අධිකරණයෙන් කුරුල්ලන්ට පක්ෂව තීන්දුවක්!

පක්ෂීන්ට පියැඹීම සඳහා මූලික අයිතිවාසිකමක් ඇති බවටත්,ඔවුන් කූඩුවල සිරගත කළ නොහැකි බවටත් දිල්ලි මහාධිකරණය විසින් තීන්දු කර තිබේ.

ඒ අනුව පක්ෂින් අලෙවිකිරීම හා රඳවා තබා ගැනීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන බව අධිකරණයේ තීරණය වී ඇත.

මේ පිළිබඳ දිල්ලි පොලීසිය විසින් ද නිවේදනයක් නිකුත් කර ඇති බව ‘හින්දුස්ථාන් ටයිම්ස්’පුවත්පත අනාවරණය කරයි.

එම්.ඩී මොහසිම් නමැති පක්ෂි වෙ‍ළෙන්දෙකුට එරෙහිව ‘පීපල් ෆොර් ඇනිමල්’නම් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් නඩුව පවරා තිබුණු අතර මීට ප්‍රථම නඩු විභාගය පැවති අධිකරණය විසින් එම පක්ෂින් වෙළෙන්දාවෙත යළි මුදාහැරීමට තීරණය කර ති‍බේ.

එහෙත් එම වෙළෙන්දා යනු පක්ෂින්ගේ හිමිකරු නොවන බවටත්,පක්ෂින්ගේ අයිතිය තහවුරු කරන ලෙසටත් එම රාජ්‍ය නොවන සංවිධානය විසින් මහාධිකරණය හමුවේ අදාළ තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන ලදී.

ඒ අනුව ‘වධහිංසා වැළැක්වීමේ පනත’යටතේ පක්ෂින් කූඩු කර රඳවා ගත නොහැකි බවත්,ඔවුන්ට අහසේ නිදහස්ව සැරිසැරීමට හැකිවන ලෙස මුදාහැරිය යුතු බවත් අධිකරණයේ තීන්දුව විය.

birds5

birds_bccl bird2 birds4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!